(අංජුල මහික වීරරත්න)

කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න පෙර රටේ ඇති ඇගලුම් කර්මාන්ත ශාලා රැක ගන්න කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට දැනට ගෙවන ණය ප්‍රමාණයට අමතරව ඇ. ඩො. බිලියන 2.5 - 3.5ක් ගෙවීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 මේ සඳහා රටේ ඇති විදේශ සංචිත  ප්‍රමාණවත් නොවන බවත් දැනටමත් උද්ධමනය ඉහළ ගොස්  ආදායම් මාර්ග පවා ඇහිරී ඇතැයි  විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති සමගි ජන බලවේගයේ තරුණ සමුළුව අමතමිනි.