
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ගොවීන්ට වෙනම කිව්.ආර් කේතයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසීය.
වාහන නොවන කාණ්ඩයට අවශ්‍ය ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරි සතියේදී පියවර ගන්නා බවද රත්නායක මහතා සඳහන් කළේය.
ජෙනරේටර්, ධීවර බෝට්ටු ආදිය සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලෙන බව කී රත්නායක මහතා ඔවුනට අදාළ කිව්.ආර් කේතය හරහා ඉන්ධන ලබා ගැනීමට පහසුකම සලසන බව සඳහන් කළේය.
ඔවුනට ඉන්ධන ලබාදීමේ නිශ්චිත ක්‍රමවේදය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බවද රත්නායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd