
(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
මාලඹේ බස් නැවතුම්පළ ඉදිරිපිට දී බීමතින් පැදවූ යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් පොලිස් කොස්තාපල්වරයකු අද (26) දා මියගොස් ඇති බව මාලඹේ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කෑරගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නියුතු (24)හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය කියයි.
මෙම නිලධාරියා කොළඹ දෙස සිට කඩුවෙල දෙසට අධික වේගයෙන් සිය යතුරු පැදිය පදවාගෙන යමින් සිටිය දී මාලඹේ බස් නැවතුම්පළ ඉදිරිපිට දී මාර්ගයෙන් ඉවතට පැන කඩුවෙල දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් බරපතල තත්ත්වයේ පසු වූ පැදිකරු ප්රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙසේ මියගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd