(අංජුල මහික වීරරත්න)
කුරුදු නිෂ්පාදනයෙන් උපයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 300ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට දැනුම් දුන්නේය.
මේ වනවිට ලෝකය පුරා ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර ලෝකයේ සැබෑ කුරුඳු වලින් 80%ක් ශ්‍රී ලංකාව විසින් නිෂ්පාදනය කරනු ලබන බවත් දැනට වාර්ෂිකව කුරුඳු නිෂ්පාදනය මගින් ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලර් මිලියන 260 ක් උපයන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මේ බව සඳහන් විය.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දත්ත අනුව අක්කරයක කුරුඳු වගාව මගින් කිලෝග්‍රෑම් 250ක අස්වැන්නක් ලබා ගත හැකි අතර, එය කිලෝග්‍රෑම් 400 දක්වා ඉහළ නැංවීමේ හැකියාවක් පවතී.
කුරුඳු කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටළු කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. කැෂියාවලින් ඇතිවන තරගකාරීත්වය, අඩු මිල ගණන් සහිත වෙළඳපොළ මත යැපීම, අපනයනකරුවන් කිහිප දෙනෙකු අතර පවතින වෙළඳපොළ ඒකාධිකාරය, සීමිත පර්යේෂණ සහ සංවර්ධන, දුර්වල වෙළෙඳ නාමකරණය මේ අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd