(චන්ද්‍රසේන ගමගේ)
කුඩා වැල්ල ධීවර වරාය තුළදී අද (5) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
වෙඩි තැබූ බවට සැක කරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයිද තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. කුඩා වැල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු බීමත්ව ධීවර වරායට පැමිණ අහසට වෙඩි තබා ඇතැයිද ගිනි අවියෙන් සිව් වතාවක් පමණ අහසට වෙඩි තබා ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයාට නීත්‍යයානුකූලව ලබා දී තිබූ ගිනි අවියකින් මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයිද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd