(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

T 56 උණ්ඩ දමා වෙඩි තැබිය හැකි මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පිස්තෝල අවි 4ක් සමග තරුණයකු දෙමටගොඩ, සිරිධම්ම මාවතේ විහාරස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි අයකු බව පොලීසිය කියයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවි මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ පුතා වන විදේශගතව සැඟව සිටින මලීෂ නැමැත්තාට අදාළ ගිනිඅවි අයත් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.

ගිනි අවි රැගෙන යාම සඳහා පුද්ගලයකු පැමිණෙන තුරු තමන්ට මෙම විහාරස්ථානය ආසන්නයේ රැඳී සිටින ලෙස මලීෂ නැමැත්තා ලබා දුන් උපදෙස් මත මෙම ගිනි අවි මෙම ස්ථානයට රැගෙන ආ බව සැකකරුගෙන් වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි