(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් සංචිතයක් අද (24) පස්වරුවේ ප්‍රකාශයට පත්කළේය.
ඇෆ්ගනිස්තානයට එරෙහිව හෙට (25) පල්ළෙකැලේදී ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබියදී සංචිතය ක්‍රිකට් ආයතනය එසේ ප්‍රසිද්ධ කළේය.
මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතියට මීට දින කීපයකට පෙර යොමු කළ ද අනුමැතිය නොදීම හේතුවෙන් මෙසේ ප්‍රසිද්ධ කළ බවත් එසේ නොවුණ හොත් විදේශ කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා රටට පැමිණ සිටියදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැති යැයි හරවා යැවීමට සිදුවුවහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට හානියක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය නැතුව එක්දින සංචිතය ප්‍රසිද්ධ කරයි
Sisira Friday, 25 November 2022 05:28 AM
ක්‍රිකට් දැන් දුවන්නේ දිව්‍යාංගනා කැමැත්තට .එතකොට ඇමතිලා වැඩක් නෑ
Lal Tillekaratne Friday, 25 November 2022 05:49 AM
අමාත්‍යවරයාගේ අනුමැතිය........................................... ....... කුමක් සඳහා ද? ...................... ඔහු ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කර තිබේද?
යෝගා Friday, 25 November 2022 06:27 AM
ක්‍රිකට් මණ්ඩලය තිලංගගේ රූකඩයක්, ඇමති අර්ජුනගේ රූකඩයක්. කාලකන්නි දෙන්නගේ මරාගැනිල්ල නිසා ලංකාවේ ක්‍රිකට් වලට තමයි කෙලවෙන්නේ
මංගල Friday, 25 November 2022 07:11 AM
එතකොට ආගම් නිකා සෙට් එක ඇමතිට උඩින්ද ඉන්නෙ.?
sharm warn Friday, 25 November 2022 09:16 AM
ඇයි මොකටද ඇමති අනුමැතියක්.?
Sameera Friday, 25 November 2022 12:12 PM
ක්‍රීඩා ඇමැති රොෂාන්ද? නැත්නම් අර්ජුනද? මේ වගේ අවස්ථාවාදීන් සමග රටකට තියා ප්‍රාදේශීය සභාවකටවත් දියුණුවක් නොමැත...! අර්ජුන ලංකාවේ ක්‍රිකට් නැත්තට නැතිකරලා තමයි යන්නේ..! ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නමුත් දැක්මත්, උගත්කමක් නැහැ!