
(අංජුල මහික වීරරත්න)
වාණිජ මට්ටමින් ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ෆුට්සල් යනු කෘතිම පිටියක ක්‍රීඩා කෙරෙන පාපන්දු ආශ්‍රිත ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව සඳහා මීටර් 40x20 සහ උස මීටර් 4 වන ගෘහස්ථ ක්‍රීඩාංගණයක් යොදා ගැනේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ කිහිපයක් ඉදිකර ඇත.
එම ක්‍රීඩාව සඳහා ඉහළ ආකර්ෂණයක් පවතින බැවින්, රාජ්‍ය - පුද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ පුද්ගලික ආයෝජකයකුට භූමිය බදු පදනම මත ලබා දී රජය සතු ක්‍රීඩාංගණ පරිශ්‍ර හා ඉඩම් භාවිත කර ෆුට්සාල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, හඳුනාගනු ලබන රජයේ ඉඩම් හා ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයන් තුළ, උපරිම වසර 30 ක බදු කාල සීමාවක් සඳහා ෆුට්සාල් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම පිණිස, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් පුද්ගලික ආයෝජකයකු තෝරා ගැනීමටත්, එකී ආයෝජකයා මඟින් පාකිස්ථානු රජයේ ප්‍රදානයක් ලෙස ලබා දෙන ලද කෘතිම ෆුට්සාල් පථ 2 ටොරින්ටන් සහ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයන්හි ඉදිකිරීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹට ෆුට්සාල් ක්‍රීඩාංගන දෙකක්