IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොළඹට කිරි

(අංජුල මහික වීරරත්න)

කොළඹ හා අවට ප්‍රදේශවල නිවාස වලටම නැවුම් එළකිරි  සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අද (11) සිට ඇරැඹීය.

පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණය තුරන් කිරීමේ මූලික අරමුණින් උදෑසන හා හවස් කාලයේ මෙලෙස එළකිරි බෙදාහැරීම සිදු කරයි.

 නැවුම් දියර එළකිරි කොළඹ නගර සීමාවේ පිහිටි නිවාස හා නිවාස යෝජනා ක්‍රමවලට සැපයීමට පියවර ගෙන තිබෙන බවද 0117 173984 දුරකථන අංකයට අමතා දියර එළකිරි ඇනවුම් කිරීමට හැකි බවද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඩබ්.  සිරිල් මහතා පැවසීය.

කොළඹ නගර සීමාව හා අවට ප්‍රදේශවලට යතුරු පැදි මගින් එම ඇනවුම් බාරදීමට  කටයුතු යොදා ඇති බව සිරිල් මහතා කීය.

නාරාහේන්පිට  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී මෙහි ආරම්භක අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ  ඉදිරියේ දී දියර කිරි බෙදාහැරීම කොළඹින් පිය ප්‍රදේශවලටත් ප්‍රචලිත කිරීමට තීරණය කර තිබෙන බවයි.



අදහස් (3)

කොළඹට කිරි

Shiraz Monday, 11 September 2023 02:46 PM

කිරිදෙන්නෙ නිකන්ද?

:       1       2

Harini Monday, 11 September 2023 03:09 PM

හරිම සාධාරණයි... සියලුම පහසුකම් කොළඹට දෙන්න.

:       1       1

සල්ලි Tuesday, 12 September 2023 07:24 AM

කොළඹට කිරි ගමට කැකිරි, හරි ශෝක් ගොන් වස්සා කෙට්ටු වෙලා ටිකක් .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site