(නිමන්ති රණසිංහ)
ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයන් වෙමින් අන්තවාදය පැතුරුවැයි කියන සිද්ධියකට අදාළව තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධාකයා වූ ෆාරුක් මොහොමඩ් තවාස් පැය 72 ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.
සැකකරු ඊයේ (28) කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් ඉකුත් දා සිදු කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම සැකකරු සිය ජංගම දුරකථනයෙන් බෝම්බ පිපිරුණු ස්ථාන වීඩියෝ ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd