(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාග වලදී විවිධ අක්‍රමිකතාවයන් වන බවටත් සමහර ආචාර්යවරුන් ඔවුන්ට හිතවත් සිසුන්ට විභාගයට පෙර විභාගයට එන ප්‍රශ්න හෙළි කරන බවටත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර වාර්තා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කොළඹ විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයාට දැනුම් දී ඇත.
ඇතැම් සිසුන් සමඟ එක්ව විශ්ව විද්‍යාලයේ සමහර ආචාරවරු මෙම අක්‍රමිකතාවයන් කරන බවට චෝදනා කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් කළ පැමිණිල්ලකට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කොළඹ විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයාට මෙලෙස දැනුම් දී ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාගවලදී විවිධ අක්‍රමිකතාවයන් වන බවට එහි උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් පිරිසක් කළ පැමිණිල්ලේ පිටපතක්ද යොමු කරමින් කොමිසම වැඩබලන උපකුලපතිවරයාට එලෙස දැනුම් දී ඇත.
ආචාරවරුන්ගේ උවමනාවන්ට අනුගත නොවන සිසුන් සමඟ අමණාපයෙන් පසුවන අචාර්යවරයික අවසන් විභාගයේදී ඇගේ විෂයට පෙනී සිටි සිසුන්ගෙන් අඩක් පමණ අසමත් කිරීම විභාගවලදී විවිධ අක්‍රමිකතාවයන් වන බවට කදිම උදාහරණයක් බව ප්‍රතිපාදන කොමිසමට පෙන්වා දී ඇති සිසුහු විභාග සඳහා සම්මත ක්‍රමවේද, කණ්ඩායම් ව්‍යාපෘති, ලකුණු දීමේ සම්මත ක්‍රමවේද, විශ්ව විද්‍යාල පාඨමාලාවන් සඳහා ඇති සම්මත ක්‍රමවේද, සියල්ල ඇතැම් ආචාරවරුන්ගේ උවමනාවන් මත පසෙක දමා ඇතැයිද ව්‍යාපෘති සඳහා සහභාගි නොවු ඇතැම් සිසුන්ට සමහර ආචාර්යවරුන ලකුණු ලබාදුන් අවස්ථාවන්ද පෙන්වා දී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ සරසවියේ ආචාර්යවරුන් පිරිසක් ගැන වාර්තාවක් ඉල්ලයි
Kamal Koyrala Tuesday, 20 May 2025 11:20 AM
කෝ අන්තරේ ?