(යොහාන් භාසුර)
රුපියල් කෝටි 3800 ක් වැය කරමින් කොළඹ සමුද්‍රීය මාර්ගයේ දෙහිවල සිට පානදුර දක්වා කිලෝමීටර 17 ක කොටසේ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එහි මූලික ශක්‍යතා අධ්‍යනය මොරටුව විශ්වවිද්‍යාලය මේ වන විට අවසන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම මාර්ග කොටස ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් සහ දේපල අහිමිවූවන් වෙත වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් කෝටි 2100 ක මුදලක් වෙන්කර ඇති බව සඳහන් කළේය.
කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩාත් සුදුසු විකල්පය ලෙස හදුනාගත් සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් මේ වන විට අදියරයන් 6 ක් යටතේ ඉදිකිරීම් අවසන් කර ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට ඉදිරියට රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි බෙහෙත්, ආහාර ගන්න බැරි තත්වයකට යමින් සිටින වෙලාවේ මේවා කරන එක හරිද.?
අපිට සල්ලි තියෙනවා ඕකයි ඔය කියන්නේ.
නියමයි. කෝටි 3800න් කෝටි 38ක් ලැබුනත් මොකද නේ. කොහෙ හොයන්නද නේ... මේක තමයි රස. මරු සංවර්ධනය.
වතුර සහ විදුලිය නුතන සමාජයේ අයිතියක්, පාරවල් නෙවෙයි.
දැන් කියියක් විතර මාටියා ගහන්නද සැලසුම් කරලා තියෙන්නේ.
රට චිනාගේ ණය මර උගුලේ දාලා හරි ඕවා කරන්න ඕනනේ
හොඳ තීරණයක්
මිනිස්සු තොග පිටින් මැරෙනවා, සමහරුක්ට කන්න නෑ. රටේ බෙහෙත් නෑ. ළමයින්ගේ අධ්‍යාපනය අවුරුද්දක් තිස්සේ නතර වෙලා. මෙතුමා පාරවල් හදනවා. දරුවෝ ලෙඩවෙලා මැරෙනවා බල බලා බෙහෙත් වලට වියදම් නොකර දෙමව්පියෝ ගෙවල් අළුත්වැඩියා කරන්න සල්ලි වියදම්කරන්නෙ නෑනේ. එහෙම කරනවානම් ඒ අයට කියන්නෙ නරුමයෝ කියලා.
දැන් මේකද අපේ රටට අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ.?
සල්ලි තියෙනවානම් මේ කොවිඩ් වලින් මිනිස්සු ගොඩදාමු.
ඕන තරම් සල්ලි තියෙනවා වගෙයි නේද.?
ඕකත් චීන්නුන්ටනේ දෙන්නේ. ඒකෙන් කොමිස් ගහයි. අපි ණය ගෙවයි. ඉන්පසුව විදේශ විනිමය නෑ කියල චීනෙටම විකුණයි. අන්තිමට ජරාව කන්න අපි වන්දි ගෙවන්න ඕන.
රටට කන්න බොන්න නැති මොහොතක මේසා මුදලක් යට කිරීමට විශේ්ෂ හේතුවක් තිබේද? මෙය අවුරුද්දකට පරක්කු කල නොහැකිද? තේ වගාවත් පොහොර නොමැතිව වැටී ඇති මොහොතක මෙයට මුදල් කොහෙන්ද?
ජනතාවගේ මළමිනී මතින් හෝ පාරවල් හදමු. ඉතිරිවන ධනපති රැලට සුඛෝපභෝගී ව වාහන වලින් යන්න පුළුවන්
ව්‍යපෘති වලට දෙන විදෙස් ආධාර වලින් කන්න දෙන්න, බෙහෙත් දෙන්න බැරි බව නොදත් අය බොහෝ සිටින බව පෙනේ.
රජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා හොඳ අනාගතයක්
මන් කල්පනා කෙරුවේ මේවා වල යන්න රටේ ලෝකේ මිනිසා ඉතුරු වෙයිද ?
ඉතාමත් හොඳ තීරණයක්. කොරෝනා කියකියා වැලලෙන්නේ නැතුව අනාගතය වෙනුවෙන් කළයුතු සංවර්ධන වැඩ නොපමාව කළයුතුයි. රට කොරෝනාව සමඟම වලලන්න උත්සාහ කරන අයගේ පසුගාමි අදහස් නොසලකා මේ පාර හදන්න ඕනෑ... නැතිනම් කොරෝනා ඉවර වෙලා රට යථා තත්වයට පත්වෙන දවසට තමයි පාර මතක් වෙන්නේ. වඳුරො ගෙවල් හදනවා වගේ...