(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (05) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ගම්පහ වජිර පාරෙහි අංක 15/3, දරන ස්ථානයෙහි පදිංචි ෂෙනාල් ජයසේකර සහ පරිසරවේදියකු වන රංජිත් සිසිර කුමාර යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, කොටුව සහ කොල්ලුපිටිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, මාර්ග සංවර්ධන අධිකාරිය, මානව හිමිකම් කොමිසම සහ නිතිපතිවරයා ය.
පොලිසිය විසින් කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය සහ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකරනු ලැබ ඇති ස්ථිර මාර්ග බාධක හේතුවෙන් මහජනතාවට නිදහසේ ගමන් බිමන් යාමට ඇති මුලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉදිරිපත් කර ඇත.
මෙම මාර්ග බාධක ඉදිකිරීමට හේතුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයකු ඉකුත් 23 වැනිදා ලබාදුන් නියොග්යක් නිසාවෙන් බවට තමන් විශ්වාස කරන බවත් එම නියෝගයට අනුව පුද්ගලයන් 16 දෙනකුට එරෙහිව වාරණයක් ද ලබා දී ඇති බවත් පෙත්සම්කරුවන් සදහන් කර තිබේ.
මේ හේතුවෙන් මහජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට නියෝග කර මෙම ස්ථිර මාර්ග බාධක යෙදීම තුළින් තමන්ගේත් ජනතාවගේත් මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, එම මාර්ග බාධක ඉවත් කිරීමට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකව මාද වාමාංශිකයෙකි. මා ඉපදුණු දාපටන් මේ වනතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු රැගෙන වැඩකර 1994 විජයග්‍රහණය ඉහළින් සමරා බොරලැස්ගමුව නැගෙනහිර ඒ ප්‍රදේශයේ 119 මාර්ගය අද තියන තත්වයට ලොකු කිරීමට එවකට මහමාර්ග අමාත්‍යවරිය වන ශ්‍රීමනී ඇතුලත් මුදලි මැතිණියගේ දායකත්වයෙන් අරඹන ලදී. ගමේ සංවර්ධන වැඩ වලදී මූලිකත්වය ගෙන ක්‍රියාකරන අතර LTTE යුද සමයේදී ත්‍රිවිධ හමුදාවන් සමග සහයෝගයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුර අප ගම්මානයේ ආරක්ෂක කටයුතු නියලුනේය. මා මගේ සහෝදරයින්ගේ රැකියා පසෙකලා ගමේ තරුණ, තරුණියන්ට රැකියාවක් අරන්දීමට උත්සාහ කරන ලදී. එය අදත් ගමෙන් අසා දැනගැනීමටද පුළුවනි. මාහට සමෘධි නියාමක තනතුරක් හිමි වුවත් එයද මා වෙන අයෙක්ට පිරිනැමූයේ පළමුව ප්‍රදේශයේ තරුණයින්ට ප්‍රථම ස්ථානය දීමේ මාගේ පිළිවෙත නිසාවෙනි. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු අපේ පක්ෂයක් හැටියට තිබූ ගෞරවය බිංදුවටම බැස්සවීය. ලොකුගේ 2009න් පසු අපේ සංවිධායක විය. අපට යූ.එන්.පී කාරයෝද අරියාදු කරන්නට පැමිණියේ දෛවයේ සරදමක් විලසිනි. බොරලැස්ගමුව නැගෙනහිර ඒ කොටසේ එක කොළපාට පෝස්ටරයක් ගහගන්න බැරිව හිටපු අය අපිට මහින්දගෙන් ඇවිත් පාට් දැමීය...