
(නිමල කොඩිතුවක්කු)
කොළඹ සිට දුරගමන් සේවා බස්රථ අද(25) පස්වරු 6.00 සිට ධාවනය අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය.
කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව පණ්ඩුක මහතා සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වනතෙක් මෙම තීරණය ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.
පිටපළාත්වල දුරගමන් සේවා සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවි පිහිටයි සර්. (මීට තවමත් ඉතුරුවෙලා ඉන්න බයියෙක්)
අනේ හොඳයි. ඔය හද්දා පිටිසර අය කොළඹ ගේන්නේ නැති එකමයි හොඳ..