(සුජිත් හේවාජුලිගේ )
නැව්වලට සහ ගුවන් යානාවලට සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට ( bunkering fuel) කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට ලබාදීමට කටයුතු කරගෙන යන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මින් එක් ඉඩම් කොටසක් දෙන්නේ ගුවන්යානා ඉන්ධන( aviation fuel ) ගබඩා කිරීම සඳහා බව පැවසූ අමාත්‍යවරයා මේ කටයුතු සඳහා දැනටමත් අභිලාෂ කැඳවා ඇතැයිද සඳහන් කළේය.
රටක් දියුණු කිරීම සඳහා මෙවැනි ආයෝජන අත්‍යවශ්‍ය බවත් පසුගිය කාලයේ ඇතිවූ අරගල හේතුවෙන් නැව් දාහතක් හැරී ගිය බවත් ඔහු කීවේය.
මේ අතර ත්‍රිකුණාමල වරාය වෙළෙඳ වරායක් ලෙස දියුණු කිරීමට කටයුතු කරගෙන යන බවත් අගය එකතු කරන ලද ඉල්මනයිට් ආනයනය කිරීම සඳහා ත්‍රිකුණාමල වරාය යොදාගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
කොළඹ වරාය විකිණීමට සිහිනෙකින්වත් නොසිතන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනා කොළඹ වරායත් විකුණලා යන්න වගේ හදන්නේ...!
දැන් අර ඉස්සර වගේ දේවල් හීන දකින්නේ නැද්ද?
අර පරණ ආශ්චර්යයේ කතා මතක් වුණා. දැන් කරන්න හදන්නේ ෆෝමියුලා වන් ගැහිල්ලක්නේ.
චීන්නු ඔතන නැහැ නේද?
වරාය නොවේ තොපි සේවාවන් සියල්ල විකුණාගෙන කනවා. කාලකන්නි නාකි හැතිකරය...
ඕක විකුණන්නේ නැතුව දීර්ඝකාලීන බද්ධකට දෙන්න බැරිද?