(සුජිත් හේවාජුලිගේ )
නැව්වලට සහ ගුවන් යානාවලට සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට ( bunkering fuel) කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට ලබාදීමට කටයුතු කරගෙන යන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මින් එක් ඉඩම් කොටසක් දෙන්නේ ගුවන්යානා ඉන්ධන( aviation fuel ) ගබඩා කිරීම සඳහා බව පැවසූ අමාත්‍යවරයා මේ කටයුතු සඳහා දැනටමත් අභිලාෂ කැඳවා ඇතැයිද සඳහන් කළේය.
රටක් දියුණු කිරීම සඳහා මෙවැනි ආයෝජන අත්‍යවශ්‍ය බවත් පසුගිය කාලයේ ඇතිවූ අරගල හේතුවෙන් නැව් දාහතක් හැරී ගිය බවත් ඔහු කීවේය.
මේ අතර ත්‍රිකුණාමල වරාය වෙළෙඳ වරායක් ලෙස දියුණු කිරීමට කටයුතු කරගෙන යන බවත් අගය එකතු කරන ලද ඉල්මනයිට් ආනයනය කිරීම සඳහා ත්‍රිකුණාමල වරාය යොදාගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
කොළඹ වරාය විකිණීමට සිහිනෙකින්වත් නොසිතන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොළඹ වරායේ ඉඩම් කැබලි හතරක් ආයෝජකයකුට
Chandima Saturday, 17 December 2022 10:09 AM
පිනා කොළඹ වරායත් විකුණලා යන්න වගේ හදන්නේ...!
ravin Saturday, 17 December 2022 11:19 AM
දැන් අර ඉස්සර වගේ දේවල් හීන දකින්නේ නැද්ද?
kamal Saturday, 17 December 2022 02:02 PM
අර පරණ ආශ්චර්යයේ කතා මතක් වුණා. දැන් කරන්න හදන්නේ ෆෝමියුලා වන් ගැහිල්ලක්නේ.
ලුම්බිණි Saturday, 17 December 2022 02:21 PM
චීන්නු ඔතන නැහැ නේද?
Lalla Saturday, 17 December 2022 08:29 PM
වරාය නොවේ තොපි සේවාවන් සියල්ල විකුණාගෙන කනවා. කාලකන්නි නාකි හැතිකරය...
De Silva Saturday, 17 December 2022 09:59 PM
ඕක විකුණන්නේ නැතුව දීර්ඝකාලීන බද්ධකට දෙන්න බැරිද?