
(ශාන්ත පී බණ්ඩාර, චමිල් රූපසිංහ සහ චමින්ද වැව තැන්න)
කොළඹ මහනුවර මාර්ගය අද දහවල් 1.00 විවෘත කිරීමට තීරණය කළ ද ඉහළ කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන තද වර්ෂාව නිසා එම තීරණය වෙනස් කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි.
නාය යාමේ අවදානමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ මෙම මාර්ගය වසා දැමූ අතර වර්ෂාව අඩු වූ නිසා එය අද දහවල් විවෘත කිරීමට තීරණය කර තිබුණි
පහළ කඩුගන්නාව ගල විදපු ස්ථානයට ආසන්න කන්දේ කොටසක් අධික වර්ෂාවත් සමඟ අස්ථාවර වී තිබෙන අතර එහි ඇති පැලුම් කිහිපයක්තුළට ජලය ගමන් කිරීමෙන් මෙය සිදුව තිබෙන බවත් කන්ද මුදුනේ සිට පැමිණි ජල පහරක් පැල්මක් තුළට ඇතුවී පහළට පැමිණ තිබෙන බවත් එම පැලුම් කිහිපය වසා දැමීම මුලින්ම කළ යුතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා සදහන් කළේය.
පොළොව අභ්‍යන්තරයට ඇතුළු වී තිබෙන ජලය සමාන්තර නළ පද්ධතියක් උපයෝගි කරගෙන පිටතට ගැනීමට පියවර ගත යුතු බවත්මෙම නාය යෑම වලක්වා ගැනීම සඳහා ඉංජිනේරුමය ක්‍රමවේද භාවිත කරමින් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා කීය.
කදු සහිත ප්‍රදේශය නාය යෑමේ අවධානමක් පවතින බැවින් එය නැරඹීමට නොපැමිණෙන ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් කොළඹ මහනුවර වාහන ගමනා ගමනයට මින් සිදුව තිබෙන බලපෑම ඉවත් කිරීම සඳහා කඩිනමින් එක් මංතීරුවක් හෝ විවෘත කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඉල්ලා සිටියේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත මෙම ස්ථානය ස්ථාවර කිරීමට අවශ්‍යය පියවර කඩිනමින් ගන්නා බවත් අදාළ ස්ථානයේ පවත්වා ගෙන යන පලතුරු වෙළෙඳ සැල් ඉවත් කර ගන්නා ලෙස වෙලද සැල් හිමියන්ට දැනුම් දී තිබෙන බවද කනක හේරත් මහතා කිය.
(ඡායාරූප: චමිල් රූපසිංහ )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල විද්ද අය කොළඹට නම් එපා...
එක් මන්තීරුවක් හරි විවෘත කරන්න. අපි වැඩට යන්නේ කොහොමද?