
(යොහාන් භාසුර සහ ශාන්ත පී බණ්ඩාර)
නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.
කඩුගන්නවා ගල විදපු ස්ථානයේ නායයෑමේ අවධානමකට පත්ව ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥායින් කණ්ඩායමක් පෙන්වාදීමෙන් පසුව ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව අවදානය යොමු කර පාර වසා දැමීමට තීරණය කර තිබේ.
එම මාර්ගය භාවිත කරන පුද්ගලයන් සහ වාහන විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවන අතර නායයෑමේ අවදානමට පිළිබඳව ඒ සම්බන්ධ ආයතනවලින් සහ විශේෂඥායින්ගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගැනීමට නියමිතය.
(යොහාන් භාසුර)
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය වසා දැමීමෙන් පසුව කොළඹට සහ මහනුවරට ළගා වීමට පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි.
කොළඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර - කටුගස්තොට හරහා මහනුවරට, කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගලින් ගලගෙදර - කටුගස්තොට හරහා මහනුවරට, මාවනැල්ල සිට රඹුක්කන - හතරලියැද්ද - ගලගෙදර සහ කටුගස්තොට හරහා මහනුවරට සහ මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල - පේරාදෙණිය හරහා මහනුවරට යන විකල්ප මාර්ග හරහා පැමිණිය හැකිය.
මහනුවර සිට කොළඹට පැමිණෙන රථවාහනවලට කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹට, කටුගස්තොට - ගලගෙදර - රඹුක්කනට හරහා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොළඹට විකල්ප මාර්ග භාවිතා කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව තේරුම් ගතයුතු කාරණයක් තමයි දැන් රටේ බහුතර කඳුකර ප්‍රදේශ අතිශය ජනාවාස කරණයකට ලක්වෙනවා කියන එක. මහනුවර අවට කඳු ගත්තොත් මීට දශකයකට දෙකකට පෙර ගස් කොළන් වලින් පිරිලා තිබුණු තැන් දැන් ගෙවල්වලින් පිරිලා. අපිට කොච්චර දුර මෙහෙම යන්න පුලුවනිද? පාලනයට එන පාර්ලිමේන්තුව රටේ ඉදිරිය ගැන කිසිම ගණනය කිරීමක් නොමැතිව ඔහේ ඉබාගාතේ යනවා... සහ ඔවුන්ගේ පුද්ගලික පරමාර්ථවලට මුල් තැන දෙමින් කටයුතු කරනවා. ඉස්සරහට මහනුවර කඳු මීට වඩා භයානක වෙයි. අපි දැන් ඉන්නේ එල්ලෙන කඳුවල...
ඔතන නාය ගියොත් නුවරට ගිහින් හමාරයි. දැන්වත් මධ්‍යම අධිවේගී මාර්ගය හරහා මහනුවරට පැමිණෙන මාර්ගය නිම කළ යුතුයි...
කොළඹ කට්ටිය සමච්චල් කළා නේද සුද්දා ගල විද්දේ නැත්තං නුවර කට්ටිය හමාරයි කියලා නේද.? දැන් පේනවා නේ පාරවල් තිබුණ මේ වගේ ඉස්සර ඉඳන් නුවර යන්න...
ඉංග්‍රීසි ,පෘතුගීසි ක්‍රමයන්ට පෙර මෙහි මාර්ග තිබුනේ නැහැලු .උඩ රට ආක්‍රමණයට අපහසු උනේ එම නිසාලු .නමුත් පාරවල් සොයාදී උඩ රට සතුරු හමුදා ගෙන්නුවෙත් අපේම සිංහලයින්. ඔහේ නාය ගියපුවාවේ ,ඔය මිනිස්සුන් ඉන්න කම් අපි නුවර එන්නේ නැහැ
මහනුවරට යන්න පාරවල් තියෙනවා එත් ටිකක් දුරයි රඹුක්කන හතරලියද්ද පොත්තපිටිය පාර කඩුගන්නාව සිට නුවර දක්වා ඉන්න යට පහසු මාර්ගයයි එත් ඒ හැම පාරක්ම වැඩි වැඩියෙන් ජනාවාස තියෙන පැති . පරණ කාලේ අත්තලා මුත්තලා පරිසරයට කල ආලය දැන් ඉන්න අයට නැ කානු පද්ධති පිළිවෙලකට නැ කිසිම පාලනයකට යටත් නැ වගේ මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතිය සුරැකිමට ලක්වුවේ නැති වුවොත් (ලංකාවේ හදවත ) ඉදිරියේදී මුළු ලංකාව ම අනතුරේ
මේ අමන පාලකයන් කරන්නේ පීඩිත පන්තියේ සාමාන්‍ය ජනතාවට යන්න තියෙන සාමාන්‍ය මාර්ගය නාය ගැන සැක නොහිතෙන ලෙස කඩුගන්නාව හරියෙදි නාය යන්න සලස්වලා උන්ගේ හොරාකන අධිවේගය ඉක්මන් කොට ජනතාවහේ මුදල් ගසා කෑමටයි මේ සැරසෙන්නේ.. මේවාට අහුවෙන්නෙ වහල්ලු.