
(සම්පත් ප්‍රියනන්දන සහ සමන් පාලිත නානායක්කාර)
මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන් නායයෑම් අධි අවදානම් හා මාධ්‍ය අවදානම් කලාපවල වෙසෙන ප්‍රජාව නිවාස පරිශ්‍රයේ හා නිවාස අවට මතුපිට ජල වහන පද්ධතිය අවිධිමත් නිවාස හිමියන් වෙනත් අවදානම් කලාප වල නිවාස ඉදිකර ඇති නිවාස හිමියන් ට මෙසේ විමසිල්ලෙන් සිටිය යුතු බවද ඒ මහතා පැවසීය.
නම් කර ඇති නාය යාම් අධි අවධානම් කලාප වල සිටින පිරිස් වර්ෂාව අධික අවස්ථාවලදී පරිසරය පිළිබඳව අවබෝධයෙන් සිටිමින් තමන්ට ආසන්න සුරක්ෂිත මධ්‍යස්ථානය හඳුනාගෙන සිටින ලෙසත් හදිසි අවස්ථාවලදී ඉවත්ව යාමට සිදුවුවහොත් දී ඇති උපදෙස් අනුව ආපදා මල්ල සූදානම් කර ගන්නා ලෙසත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
නිවාස පරිශ්‍ර තුළ නිවාස අවට කානු පද්ධති තුළ බාධක අවහිරතා සොයා බලා ඒවා ඉවත් කරගන්නා ලෙසද නීත්‍යානුකූල ක්‍රම මගින් අවදානම් ගස් ඉවත් කර ගන්නා ලෙසද එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
තම නිවාස ආසන්නයේ හෝ නිවාස වෙත යොමු වූ ගල් පර්වත හෝ පස් කඳු පවතී නම් නිරතුරු අධීක්ෂණයෙන් සිටිය යුතු බවද හානිවීමට ඉඩකඩ ඇති කාමරවල රාත්‍රි කාලයේ නිදා ගැනීමෙන් වළකින ලෙසද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා එම වැසියන්ට දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ -බදුල්ල පාරේ ගමන් ගන්නා අයට විශේෂ දැනුම්දීමක්
Harry Saturday, 02 November 2024 07:11 AM
වැසි කාලයේ පාරවල් ලිස්සන සුළුය. ඒක ඇත්ත. නමුත් සඳහන් කළ යුතුම විශේෂ කරුණක් තිබේ... පදවන වාහනවල රෝදවල කට්ට මිලිමීටර් 5 කට වඩා නැති වුනොත් ලිස්සන එක නවත්වන්න බැරිය. එබැවින් වාහනවල රෝද කට්ට සහිත වියයුතුමයි....!