(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ මහනගර සභාවේ පුරපති ධූරය සඳහා එම පක්ෂයෙන් තරඟ වැදීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
ඔහුට එම ධුරයට තරග වැදීම සඳහා පක්ෂ නායකත්වයේ අනුමැතිය දැනටමත් පළවී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කොළඹ නගරයේ සුළු ජාතික ඡන්ද පදනම ප්‍රබලව ක්‍රියාත්මක වන හෙයින් මුජුබර් රහුමාන් මහතා එම ධූරයට තරග වැදුණහොත් ප්‍රබල වාසිදායක තත්වයක් ඇතිවනු ඇතැයි පක්ෂයේ බොහෝ දෙනකුගේ අදහසවීඇත.
මුජිබර් රහමන් මහතා කොළඹ නගර සභාවේ පුරපති ධුරය සඳහා තරඟ වදින බවට මුල්ම ඉඟිය පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතාය. ඒ සමගි ජන බලවේගය පක්ෂයේ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.
කොළඹ නගර සභාවේ නිල කාලය මේ වසර අග අවසන් වීමට නියමිතය.
මුජුබර් රහුමාන් මහතා කොළඹ නගර සභාවට තරග වැදීම සඳහා බාරදුන් ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය අපේක්ෂකයකුගේ ගැටලුවක් හේතුවෙන් 2006 වර්ෂයේදී ප්‍රතික්ෂේපවූ අතර ඒ අවස්ථාවේදී ඔහුට එම නගර සභාවේ මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඉන්න සිංහලයෝයි, හම්බයෝයි අතර එතරම්ම වෙනසක් නැහැ.