
(නිමල කොඩිතුවක්කු)
කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීය.
කොමසාරිස්වරිය පළාත් පාලන පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ වුවමනාවන් ඉෂ්ඨ කිරීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රටට නව දේශපාලන සංස්කෘතියක් ගෙන ඒමට කටයුතු කරන බව පැවසූ මාලිමා ආණ්ඩුව රාජපක්ෂ සංස්කෘතියම බලය වෙනුවෙන් යොදා ගන්නා බව කොලඹ පුරපතිධුරය පත්කර ගැනීමේදී හෙලි වූ බවද ඔහු සඳහන් කළේය.
කොළඹ පුරපති ධුරය පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේද කීවේය.
“ජාතික ජන බලවේගය පසුගිය කාලයේ දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සිදු කරන රහස් ඡන්දවලට විරෝධය පළ කළා. මහජන නියෝජිතයින් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ජනතාව දැනගත යුතුයි කියන එක ඔවුන්ගේ ස්ථාවරය වුණා. එහෙම කියන ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන තුළ රහස් ඡන්දයක් ඉල්ලා සිටියා.
ඔවුන් දිගින් දිගටම විනිවිදභාවය, පාරදෘශ්‍ය භාවය ගැන කතා කළා. මිනිස්සු ඔවුන්ට ඡන්දය දුන්නෙත් ඒ නිසා. නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන බව පැවසූ ජාතික ජන බලවේගය බලය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පාවල දීල තියෙනවා. ඔවුන් බලය ලබා ගැනීමේදී රාජපක්ෂවරුන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන බවක් මෙතැනදී පෙනී යනවා.
කොළඹ පුරපති තෝරාපත් කර ගැනීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය නීති විරෝධී ලෙස කටයුතු කළා. ඇය පළාත් පාල පාලන පනතට අනුව කටයුතු කළේ නැහැ. පළාත් පාලන කොමසාරිස්වරිය තනතුරේ බලය පාවිච්චි කරලා බලහත්කාරයෙන් රහස් ඡන්දයකට ගියා. ඇය මෙතැනදී ආණ්ඩුවේ වුවමනා ඉෂ්ට කළා කියලා බොහොම පැහැදිලියි. අපි ඇයගේ ක්‍රියාකලාපය ගැන නීතිඥවරුන් සමග සාකච්ඡා කළා. අපි මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිවි විකාශනය සම්පුර්ණ විඩියෝ එක බලලාම වැඩේ පටන් ගත්තොත් හොඳයි හැබැයි පහුගිය කාලේ සම්පුර්ණ වැඩ කටයුතු ගැන විගණනයක් කලොත් හොඳ දේවල් එළියට එන බවත් මතක තබා ගන්න
අඬන්නේ ඇයි ඉතිං ඉන්නවායි කිව්ව 60 රහසේ හරි එළියේ හරි ඡන්දෙ දුන්නානම් දිනනවනේ.
බොහොම හොඳ අදහසක්. දයාසිරිට හරි, ගොම්මන්පිලට කියලා හරි නඩුව ෆයිල් කළොත්, නඩුව අහන්නෙත් නැතිවම දිනන්න පුළුවන්, බඩුම තමයි.
අනේ මුජිබර්.. ඔයා දන්නෙත් නෑ ඔයා මොනවද කියන්නේ කියලා. එක්තරා සාකච්ඡාවකදී ඔයා කියනවා NPP එකට බහුතරයක් නෑ. ඒ නිසා පුරපති පත්කර ගැනීමේදී රහස් ඡන්දයක් තියන්න වෙනවා කියලා. දැන් කියනවා රහස් ඡන්දයක් තිබුණු එක වැරැදියි කියලා. ගලේ පහකර ගත්තු බළලාට වෙච්චි දේ තමයි ඔයාලාට වුනේ...
අනේ ගොනෝ ඔබලා රාජපක්ෂලා එක්ක ගිවිසුම් ගහලා දීගකාලා කෙලවෙලා දැං එනවා බයිලා ගහන්න. ආයේත් හොරුන්ට මේ රටේ බලයක් ගන්න බෑ. දැං ඉස්සරහට එන නඩු වලට ලෑස්ති වෙන්න කට්ටියම එකතු වෙලා. එතකොට කට්ටියටම බන්ධනාගාරයේ පාර්ලිමේන්තුවක් කළහැකි...
බලයේ රහ දැනෙනතුර විතරයි සුදනන්.
තනියම තරඟ කරල පරාජය වෙන එක හිතන තරම්ම අමාරු නෑ. ඒ උනාට පැරදුන සියලුම දෙනාම එකතු කරගෙන ආයෙත් වතාවක් තරඟ කරල කුජීත වෙන එක ඊටත් වැඩිය ලේසියි කියලයි මටනම් පෙනෙන්නේ.
ඔබගේ වේදනාව අපිට තේරෙනවා. කරන්න දෙයක් නැත සතියක් විතර වෙනකොට හරි යයී
අඬලා වැඩක් නෑ දැන්. සියල්ල සිදුවී හමාරයි. කයිය ගහනකොට මම හිතුවා
රාජපක්ෂවරුන් එක්ක බුදියගෙන ගමන් ඒ තියරිය හොඳ නැහැලු...
පුරපති පත්කිරීම විනිවිද භාවයෙන් යුතුව කෙරුණා. ඒ පිළිබඳව කිසිම ගැටළුවක් නැහැ. තමුන් කියපු කරපු දේවල් ගැන නම් කියලා වැඩක් නැහැ. ලැජ්ජයි...
නීතිමය පියවර ගන්න ඕනෑ ඔයාලාගෙන් කාලා එයාලාට ඡන්දේ දීපු අයට විරුද්ධව නේද?
මුන් රාජපක්ෂ ක්‍රමය ගැන කතා කරනවා. උන් එක්ක එකතු වෙලා ආණ්ඩු පිහිටුවනවා. ගැලරියට කතා කරනවා. තව මාස හයකින් නඩුව පැරදිලා ගෙදර එනවා. පිස්සු යක්කු ටිකක්. මේ යකාගේ අපේක්ෂකයා හින්ද තමයි පැරදුනේ. සජියට බලේට එන්න බරිවුනෙත් මේ යක්කු හින්ද.
ඔහේලට 61 ක් අත්සන් කළ ලැයිස්තුවක් තිබුණා නම් කල් ඇතුව ඒක පළාත් පාලන කොමසාරිස්ට ඇගේ කාර්‍යාලයට ගොස් බාරදෙන්න තිබුණා ඒ සමඟ ඇගේ නමින් ලියාපදිංචි කර ලිපිය යවන්නත් කටයුතු කළානම් දැන් කියවන්න අවශ්‍ය නැහැනේ ඒක ඇත්තනම් අයවැයේ දී පෙන්නන්න පුළුවන් කියලා තේරුම්ගන්න බලන්නකෝ
අපිත් දැක්කා විපක්ෂය පැහැදිලිවම අවසානයේ එකඟ වුණා. රහස් ඡන්දයකට. එතකොට කාට විරුද්ධව ද අඩු දාන්නේ...?
නටන්න බැරි එක පොලව ඇදයි කිව්වලු .රෙදි ගැලවිලා තවත් ලැජ්ජා නෑ
ඔව් ඉතින් පක්ෂයේ පුස් කන මුදල් වියදම් කරන්නත් හේතු ඕනනේ
අත්සන් ගහපු ලියවිලි දැමිල්ලත් පනතෙ තියෙනවද, එහෙම එකක් කියමින් කොමසාරිස් වරියට බලපෑම් කලේ? අනෙක වාද වෙලා අන්තිමට සජබෙන්ම නේද රහස් ඡන්දෙට යමු කීවෙ ඒක දැක්කෙ නැතිද? උසාවි ගිහින් මොනව කියන්නද? රහස් ඡන්දෙ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයිද?
නිකං ඉඳහල්ල බං. රහස් ඡන්දය තමා නිවැරදි ක්‍රමේ . එහෙනං මහජන ඡන්ද ඇයි රහස්‍ය වෙන්නෙ. රොත්තම එකට තියල වගෙම දැන් වෙන වෙනමත් පරාද වුනා . පක්ෂෙ වැරදි හදාගෙන යනව මිස වෙට්ටු දාන්න ගියොත් බිංදුව ටම වැටෙනව ෂුවර් .
මන්ත්‍රිවරුන්ට ඡන්දය දෙන්නේ ඔවුන්ගේ විඥානය අනුව කියලා මම හිතනවා,එහෙනම් මේ මූජුබර්ගෙ ප්‍රකාශය මොකක්ද? රීසාට ඡන්දය දෙන්න SJB මූජුබර් අල්ලස් දෙන්න ඇති කියලා ඇති, නමුත් ඒ අල්ලස් ගත්ත අය මේ මූජුබර් රවටලා තියෙනවා.ඉතින් යථාර්ථය එළියට ආවා. රට ගොඩ ගිය.
සජබෙට වෙච්ච දෙයක් ...
සදාකාලික විපක්ෂ නායක සහ ගෝලයෝ රොත්ත.
හොරැන්ට තනියෙනුත් බැහැ එකතු වෙලත් බැහැ
සාමාන්‍ය විපක්ෂය රහස් මැතිවරණයක් වෙනුවට විවෘත මැතිවරණයක් භාවිතා කළ යුතුය. කමිෂනර් ට විවෘත මැතිවරණයක් නවත්වන්න බැහැ."
මුන් නම් නියම අපතයෝ
මෙරටට පිළිලයක් වුනේ ඔය මෝඩ පුතා . ඔහෙලට කවදාවත් මෝඩ පුතා එක්ක ගමනක් නැහැ . රනිල්ගේ අහලකින්වත් ඔය මෝඩයව තියන්න බැහැ .
පහුගිය කාලේ කොළඹ පුරපති වෙන්ඩ හීන මැව්වා. පාර්ලිමේන්තු මන්ත්‍රී කමිනුත් අයින් උනා.රනිල් චන්දේ තිබ්බෙත් නැහැ.කෑළි කෑළි එකතු කරගෙන බලය අල්ලන්ඩ හැදුවත් ඒකත් බැරි උනා.හරිම කණස්සල්ලෙන් ඉන්නේ?
සජබෙ මුජිබර් ටීම් එක පරාදයි. මරික්කාර් දිනුම්, මීළඟට හොඳම පරාජිතයා වශයෙන් රනිල්ගේ රෙකෝඩ් එක කඩන්නේ සජිත්.
මෙයාට කොළඹ මහනගර සභාව ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ, හරක් මස් නානාලාගෙන් කොමිෂන් ගහන්න පුළුවන් නිසාද?
අවුරුදු 69ක් තුළ එජාපය කොළඹ නගර සභාව අල්ලන් කරේ කප්පම් ගැනීම, මස්කඩ කොන්ත්‍රාත්තු දීපු එක, පාකින් ටිකට් මාෆියාව... වගේ දේවල්. 50 දශකයේ ලන්ඩන් වගේ තිබ්බ කොළඹ මුඩුක්කුවක් කරේ කව්ද? ඇත්තටම දැන් හොරුන්ට කොළඹ කෝටි ගානක් සල්ලි නැති වෙන දුක නේද මේ?