IMG-LOGO

කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා  එක්සත් ජාතික පක්ෂය සහ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට  සමගි ජන බලවේගයේ   නායකයෙකු  අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම  ගැටලුකාරී වී ඇතැයි  වාර්තාවේ.

මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ   සමග එකතුවී බලය  පිහිටුවා ඒ ගමන සාර්ථක වුවහොත් ඉදිරි ප්‍රධාන මැතිවරණවලදීද එවැනි සම්මුතියකට ඉල්ලීම් ඉදිරිපත් විය හැකි හෙයින් එය ආරම්භයේදීම වැළැක්විය යුතු බව ඇතැම් ප්‍රධානීන්ගේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත.

මේ තත්වය යටතේ කොළඹ මහනගර සභාවේ බලය විපක්ෂයට ගැනීම අවදානමට ලක්ව ඇතැයි  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ සභිකයන් 48 දෙනෙකු ජාතික ජන බලවේගයට ලැබෙද්දී  සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයට සභිකයන්  හැට නව දෙනෙකු හිමිවිය.

සභික  ධූර සංඛ්‍යාව අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට වැඩි හැකියාවක් ඇත්තේ විපක්ෂයටය.

කෙසේ වෙතත් අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පසුගියදා  ප්‍රකාශ කළේ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය නුදුරේදීම  පිහිටුවන බවයි.

කොළඹ මහ නගර සභාවේ තනි පක්ෂයක් ලැබූ වැඩිම සභික ධූර සංඛ්‍යාව ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවද ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය දැනටමත් කැමැත්ත පළ කර ඇත.



අදහස් (21)

කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Friday, 09 May 2025 09:52 PM

හොරු හොරු සමගම හෙලුවෙන් එක්වෙයිද?

:       155       80

හිල් J.O.K.A ගලවපු මහජනතාවSaturday, 10 May 2025 09:12 AM

ඔය හොරු කියපු උන් තමයි කන්ටේනර් 320ක් පන්නලා, හාල් වලට 65ක බද්දක් ගහලා, ගාමන්ට් වලින් කප්පම් අරන් අතේ මාට්‍ටු වෙලා, ස්ත්‍රී දූශකයන්ට පොලිස් ආරක්ශාව දීලා, රිලව් ගණන් කරලා හත් පොලේ ගාගෙන නෝන්ඩි වෙලා මාස 6න් ලක්ශ 23ක් ඡන්ද අඩු කර ගත්තේ. පුන්නක්කු කන අය ඇරෙන්න බත් කන අය ලක්ශ 23ක් ඉඳලා තියෙනවා...

:       22       84

Kickoff Sunday, 11 May 2025 12:36 PM

2019 යේ දීලා පුන්නක්කු කකා හිටිය 69 ලක්ශෙන් 66ක් තමයි බත් කන්න පටන් ගත්තේ. ඉතුරු අය තාමත් කන්නේ මැදමුලනෙයි, fප්ලවර් රෝඩ් එකේ වලව්වෙයි දංකුඩ...

:       1       7

Peduru Friday, 09 May 2025 10:02 PM

එක්සත් ජාතික පක්ෂයට අපි චන්දය දුන්නේ ඔය හොරිකඩ සමගි බලවේගය එකතු වනාන්තර නොවේ ස්වාධීනව කටයුතූ කරන්න. එය එසේ නම් සජබයටම ඡන්දය දෙන්න තිබුනානේ?

:       139       67

saman Friday, 09 May 2025 10:36 PM

දැනට එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් කණ්ඩායමකට මාලිමාවට සහයෝගය ලබාදී බහුතරය පෙන්වීමට අවස්ථාව ලබාදීමට හැකි වුවත් මාලිමා නගරාධිපති යටතේ සිදුවන මුදල් ගනුදෙනු පිළිබඳව සහ පනත් සම්මත කිරීමේදී හෝ එවැනි අවස්ථාවලදී විරුද්ධ වීමට බහුතරය අහිමි වීමට හැකියි...

:       0       1

JanahithaSaturday, 10 May 2025 08:16 AM

ඔබගේ ඡන්දය වටිනාකමක් නැති බවයි පෙනෙන්නේ... බැංකු කඩන එක අනුමත වුණු නිසා.

:       23       7

ගුණරත්න Friday, 09 May 2025 10:07 PM

අපි දන්නවා ඔය නායකයා කවුද කියලා, ඔය නායකයාගේ මෝඩ තීරණ නිසාම තමයි ගෝටා සහ දැන් ආණ්ඩුව බලයට ආවෙත්, එක්සත් ජාතික පක්ෂය දුර්වල වුනෙත්. ඔය පක්ෂයේ සාමාජිකයින්ට මම කියන්නේ මොළේ පාවිච්චි කරලා ඔය මෝඩ නායකයා පන්නලා ආපහු එක්සත් ජාතික පක්ෂයට ඇවිත් සංවිධානය වෙලා බලය අල්ලන්න කියලා. ඔය මෝඩයා පස්සෙන් ගියොත් ඊළඟ මැතිවරණයත් පරදිනවා...

:       15       37

රනේ Friday, 09 May 2025 10:20 PM

පොහොට්ටුව එක්ක එකතු වුනොත් සජිත් ඔබට ආයිත් නම් දෙන්නෑ. ඒක ස්ථිරයි.

:       1       1

තර්ස්ත මාෂල් Friday, 09 May 2025 10:33 PM

අන්දරේ බලයට කෑදර මනුෂ්‍යෙයක් මිසක්, එකතු වෙලා දෙවෙනි වෙන්න කැමති කෙනෙක් නෙමේ... තනියම රජ වෙන්න හදන චරිතයක්. ඒ නිසා, අන්දරේ එක්ක දීග කන්න යන එක නිවට කමක්...!

:       0       2

Rawi Friday, 09 May 2025 10:49 PM

සමඟි ජන බලයට දීල තියෙන 21% ප්‍රතිශතේ තනි ඉලක්කමකට එනවා ඊලඟ ඡන්දෙදි .ඔහොම මැන්ටල් වැඩ කරොත්.

:       1       2

Mr. Z Friday, 09 May 2025 10:54 PM

එජාපෙයි, සජබෙයි එකතු වෙන්නම ඕන වෙලාවක් මේක. Now or Never තමයි ඉතින්.

:       0       1

NPP Saturday, 10 May 2025 01:10 AM

මේ රට සංවර්ධනය කරන්නේ මාලිමා ආන්ඩුවකින් පමණමයි. ඒ නිසා ඔය එක එක රූකඩවලච රැවටෙන ජනතාවක් දැන් රටේ නැත.

:       2       4

පොඩිඑකා Saturday, 10 May 2025 01:38 AM

ඡන්දයට කලින් බැරිඋනා නම්, ඡන්දයට පසුව හැකිවන්නේ කෙසේද? එය ප්‍රතිපත්තියක් නැතිකම නොවේද?

:       1       3

Nelu Saturday, 10 May 2025 03:14 AM

මේ කියන ලොක්කා සජිත් හෝ ඔහුගේ ගෝලයෙක්ද? රංජිත් මද්දුම බණ්ඩාර නම් එකතුවෙනවා කියන එකයි තිබුණේ. සජිත් කණ්ඩායම නම් බෑ කියන්නේ දිගු කාලීනව හරි වෙන්න පුළුවන්. නමුත් කෙටි කාලීනව මෝඩ වැඩක්. 2022දී ගෝඨාභය අගමැතිකම දෙන්න කතා කරාමත් ඔය ටිකම තමයි කරේ. උපාය මාර්ගික මට්ටම කියන එක සජිත්ට අඩුයි. මේ වෙලාවේ තමන්ගේ පක්ෂයේ කෙනෙක් පුරපති කරගන්නත් පුළුවන්කම තියෙද්දී තමුන්ගේ පුද්ගලික අනාගතය හිතලා පක්ෂය දෙවනුවට දැමීම සාර්ථක නායකත්වයක් නොවෙයි. එයා හිතන්නේ සදාචාරය හෝ හොරු දූෂිතයින් කතා ගැන නොවෙයි. එයා හිතන්නේ ඕක කරොත් මට මොකද වෙන්නේ කියලා.

:       0       1

සෙනෙවිරත්න Saturday, 10 May 2025 06:30 AM

නගර සභාවක බලය අල්ලා ගත්තාට වඩා තමන්ගේ අනන්‍යතාවය විනාශ කරගන්නවා මේ අය, ආත්මයක් නැති පක්ෂ වලට ඕවා ගාණක් නැහැ.

:       1       1

lawariya Saturday, 10 May 2025 07:45 AM

ඔය උද්දච්ච මෝඩයා එක්ක සජබෙට ගමනක් නැහැ. ඒ බව තවත් තේරුම්ගන්න බැරි නම් ඔවුන් බත් කන හරක්ම වෙන්න ඕනෑ.

:       0       34

Yuthukama Saturday, 10 May 2025 09:14 AM

ඔය එකතු වෙන්න බෑ කියන අයගේ නම් ටික දාපන්කෝ අපිත් ආසයිනේ. ඔවුන්ව ඊළඟ පාර පාර්ලිමේන්තු යවන්නේ නැතුව අවුරුදු 20ක් විතර ගෙදර තිබ්බා නම් ඔය පඬි ගති ටික ඇරිලා යාවි...

:       2       21

Nissanka Saturday, 10 May 2025 09:15 AM

සමඟි වෙන්න බෑ කියන අයගේ බැංකු ගිණුම් බලාපල්ලා. පැලවත්ත කාර්යාලෙන් කෝටි ගාණක් හම්බෙන්න ඇති...

:       9       21

Suduru Saturday, 10 May 2025 09:19 AM

Peduru ඔහේ ඡන්දේ දුන්නේ මාලිමාවටනේ. මහ එකා වගේම පචෝරිස්ලා තමයි එයාගේ ගොට්ටෝ ටිකත්...!

:       10       18

Perera Saturday, 10 May 2025 03:08 PM

නයි, පොලොංගු, මුගටි ටික එක කොටයකට ගොඩවෙන්න හදන්නේ... උන්ට ගොඩයන්න.

:       20       16

NPP Saturday, 10 May 2025 04:05 PM

ඔච්චර වටේ යන්න අවශ්‍ය නෑනේ, මෝඩ නායකයාගේ නම කියන්න බයද?.. ඔයා කජු සීයාගේ ගොට්ටෙක් කියලා දැන් අපි හැමෝම දන්නවා...

:       19       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 95 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site