IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ පුරපති පුටුවට රහස් සාකච්ඡා



(සුජිත් හේවාජුලිගේ )

කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට  ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාලන බලය පිහිටුවීම සඳහා සහයෝගය  දෙන්නේනම් විවිධ තනතුරු  වරප්‍රසාද සහ වරදාන ලබාදීමටද ඒ ඒ දේශපාලන පක්ෂ පොරොන්දු දෙමින් සිටින බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  ප්‍රකාශ කළේ කොළඹ මහ නගර සභාවේ බලය සමග ජන බලවේගය පිහිටුවන බවයි.


ජාතික ජන බලවේගය පවසන්නේ බහුතර මන්ත්‍රීවරුන්  තම කණ්ඩායම දිනා ගෙන ඇති හෙයින් ඒ පාලන බලය පිහිටුවීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ආණ්ඩුවට බවයි. පාලන බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කරන බව ජාතික ජන බලවේගය වැඩිදුරටත් පවසයි.

මේ අතර කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා  එක්සත් ජාතික පක්ෂය සහ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට  සමගි ජන බලවේගයේ   නායකයෙකු  අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය එහි  බලය පිහිටුවීමට  කිසියම් බාධාකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ   සමග එකතුවී බලය  පිහිටුවා ඒ ගමන සාර්ථක වුවහොත් ඉදිරි ප්‍රධාන මැතිවරණවලදීද එවැනි සම්මුතියකට ඉල්ලීම් ඉදිරිපත් විය හැකි හෙයින් එය ආරම්භයේදීම වැළැක්විය යුතු බව ඇතැම් ප්‍රධානීන්ගේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත.

මේ තත්වය යටතේ කොළඹ මහනගර සභාවේ බලය විපක්ෂයට ගැනීම යම් අවදානමට ලක්ව ඇතැයි  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.කොළඹ මහ නගර සභාවේ සභිකයන් 48 දෙනෙකු ජාතික ජන බලවේගයට ලැබෙද්දී  සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයට සභිකයන්  හැට නව දෙනෙකු හිමිවිය.

සභික  ධූර සංඛ්‍යාව අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට වැඩි හැකියාවක් ඇත්තේ විපක්ෂයට බව  දේශපාලන විචාරකයෝ  සඳහන් කරති.මේ අතර සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය දැනටමත් කැමැත්ත පළ කර ඇත.

මෙරට මහ නගර සභා අතර විශේෂ අවධානයක් දිනා ගැනුණු නගර සභාව වන්නේ කොළඹ මහ නගර සභාවයි. කොළඹ නගරයේ බොහෝ  කටයුතු පාලනය කෙරෙන  කොළඹ මහ නගර සභාවේ බලය හිමි කර ගැනීම දේශපාලනික වශයෙන් විශාල ශක්තියක් වන හෙයින් එහි බලය ලබා ගැනීමට බොහෝ දේශපාලන පක්ෂ  කාලයක සිට ලොකු උනන්දුවක් දක්වයි.



අදහස් (1)

කොළඹ පුරපති පුටුවට රහස් සාකච්ඡා

Kamal Koyrala Monday, 12 May 2025 11:57 AM

මහජනතාව දුන් චන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රකාශ වෙයි. මහජනත්වය ප්‍රතික්ෂේප කළ පක්ෂවලට සදාචාරාත්මක අයිතියක් නැහැ සන්ධානගත වීමට, එය මහජන මතයට විරුද්ධයි. එසේ වන විට, චන්දය දුන් ජනතාවට අයිතියක් තියෙනවා තමන් පත් කළ අපේක්ෂකයා ඔවුන්ගේ මතයට විරුද්ධ වුනොත් එය ජනතා චන්දය අවභාවිත කිරීමක් බැවින් තම ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම අනුව ඔහු ඉවත කිරීම හෝ ඔහුට විරුද්ධව කටයුතු කිරීමට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site