(දසුන් රාජපක්ෂ)
කොළඹ මහනුවර මාර්ගයේ (A01) නව කැලණි පාලම අසල සිට කොළඹ දෙසට රථවාහන ඇතුළුවන මංතීරු දෙකෙන් එකක් හෙට (17) පෙරවරු 6.00 සිට තාවකාලිකව වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කොළඹ දෙසට රථවාහන ඇතුළුවන මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් සිදුවන මාර්ග තදබදය අවම කරගැනීම සඳහා පොලිසිය සමඟ එක්ව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව රථවාහන සැලැස්මේ පෙරහුරුවක් ලෙස හෙට මෙම මංතීරුව වසා දැමෙන බව ඉදිකිරීම් කටයුතු භාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා දර්ශිකා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
මෙහිදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවෙන් සැහැල්ලූ වාහන සහ බස් රථ පමණක් කොළඹ දෙසට පැමිණීම සඳහා විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකිය.
කන්ටේනර් හා ලොරි රථ ඇතුළු බරවාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස කොළඹ මීගමුව (A03) මාර්ගය භාවිතා කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නුවර හයිවේ එක ඉක්මණින් හදන්න හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමි..
මේ කියන දේ තේරුම් ගන්න නම් අඩු ගණනේ 1008 වතාවක්වත් කියවන්න ඕනෑ..!
දර්ශිකා ජයසේකර මහත්මිය මේවා කරන්න ඕනේ රාත්‍රී කාලයේදී. දිවා කාලයේ ආර්ථික කටයුතුවලට පාඩු කරලා නෙමෙයි.