
(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභාවේ වර්තමාන පරිපාලනය යටතේ එහි සේවකයන් සහ මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව මන්ත්‍රීවරු සහ ජනතාව අතර දැඩි සැකයක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් එම නගර සභාවේ සේවකයන් සහ මාර්ග සංවර්ධන පිළිබඳව නගරාධිපතිවරියගෙන් සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනකු ලබන 21 වැනිදා පැවැත්වෙන මාසික රැස්වීමේදී ප්‍රශ්න කිරීමට සූදානම්ව සිටිති.
සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු වන රෝයි බෝගහවත්ත මහතා සේවකයන් පිළිබඳව සහ මහේන්ද්‍ර දර්ශන ද සිල්වා මහතා මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මියගෙන් විමසීමට නියමිත අතර එහිදී ඔවුන් එම විෂයන් දෙක සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
කොළඹ මහ නගර සභාවේ සේවකයන් සංඛ්‍යාව, සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් ලැබෙන ආකාරය, සේවකයන් බඳවාගැනීම් පිළිබඳ විස්තර සහ ශ්‍රම මිලදීගැනීම් පිළිබඳව එහිදී රෝයි බෝගහවත්ත මහතා විමසීමට නියමිතය.
කොළඹ නගර මහ නගර සභාව සතු මාර්ග පද්ධතියේ ප්‍රමාණය, එය නගර සභාවෙන් සහ පෞද්ගලික අංශයට හරහා නඩත්තු කරන ආකරය සහ ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම් මෙන්ම ඒවා ප්‍රයෝජනයට ගැනීම් පිළිබඳව මහේන්ද්‍ර දර්ශන ද සිල්වා මහතා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට සූදානම්ව සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනව දැනගෙන ද ඉතිං මෙතුමිය නගරාධිපතිකං කරන්න ආවෙ? ඔවැනි ප්‍රශ්න අසා මේ අසරණිය අමාරුවේ නොදාන්න විපක්‍ෂ මන්ත්‍රීවරුනි.
කොළඹ මහ නගර සභාවේ බලය අවුරුදු හැත්තෑවකට වැඩිය අල්ලාගෙන හිටියේ එක්සත් ජාතික පක්ෂයයි. ඔවුන් එක්ක එකට ලැග ගෙන එකට හොරා කෑව එවුන් දැන් වෙනම පක්ෂයක් හදා ගත්තා කියලා නිදහස් වෙන්නේ නැහැ. දැන් ඔය බයවෙලා දගලන්නේ පරණ කුණු එළියට ඇදෙන බව දන්නා නිසා. නටපල්ලා තව ටික කාලයක් ඊට පස්සේ වැලිකඩ බෝඩිමේ කාමරයක් ලැබෙයි.
සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහලානේ ප්‍රචාරය දෙන්න ඕනෙ, දැන් ප්රශ්නෙ මතු කරන්නත් කලින් ප්‍රචාරය අරගෙන. අර මනුස්සයා දන්නෙ නැති ප්‍රශ්නෙකට වරදකරු වෙලා
ඔව් අරවින්ද, ඔයා සඳමාලිටයි සඳරුවන්ටයි ජරාව කාලා පුරුදුයි ඇයි බයෙන් කමෙන්ට් දාන්නේ
ජ හුටා...ප්‍රශ්ණ පත්‍රය වේලාසනින්ම මාද්‍යට නිකුත් වෙලා. දැන් ඉතිං නගරාධිපතිනියට නෙමෙයි, නගරසභාවේ කම්කරුවෙකුට වුණත්, හොයලා, බලලා පිළිතුරු දෙන්න පුළුවන්.
සඳමාලි, ඔයා දැන් මොනවා දැනගෙනද මෙතන කොටන්න පටන් ගත්තේ?
ඒක ඇත්ත සඳරුවන්, හැමෝම පැත්තකට වෙලා හිටියාම හොරුන්ට කඩ-වඩා ගන්න ලෙහෙසියිනේ. මොකද ඒ කාලේ කිසිම ප්‍රශ්ණයක් නැතිව ඉඳලා දැන් තමයි ප්‍රශ්ණ වැලවාගේ එන්නේ
පෝයකට සඳ පායල වාගෙයි