
(මුදිතා දයානන්ද)
මන්ත‍්‍රීවරුන්ට වෙන්වන ප‍්‍රතිපාදනවලින් ජනතා සේවා ඉටු කිරිම, පිඩාවට පත් ජනතාවට අහාර මලු ලබාදීම ඇතුලු ජනතා සේවාවලට බාධා කරන කොමසාරිස්වරියක් කොළඹ මහනගර සභාවට අවශ්‍ය නැතැයිද ඇය ඉවත් කළ යුතු යැයිද නාගරික මන්ත‍්‍රී හෙන්රි ගමගේ මහතා පවසයි.
ඔහු කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණී දිසානායක මහත්මියව ඉවත් කරන ලෙස බල කරමින් පසුගිය 18 වැනිදා සිට කොළඹ මහ නගර සභාව ඉදිරිපිට අඛන්ඩ සත්‍යග‍්‍රහයක නිරතව සිටි.
මෙම කොමසාරිස්්වරිය මහජන සුභසිද්ධිය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවෙන් සැලසුම් කරන කිසිදු කටයුත්තක් ඉටු කරන්නට ඉඩ නොදෙන බවද ඔහු පැවසීය. පාරවල්වල කාණු පද්ධති සකස් කිරිම, ගලි පිරිසිදු කිරිම, මාර්ගවලට තාර ඇතිරිම, වැනි කටයුතු පවා කොමසාරිස්වරියගේ බාධා කිරිම් නිසා ඇණ හිට ඇති බවද ගමගේ මහතා පැවසීය.
පරිපාලන සේවා නිලධාරින්ට ආරක්ෂකයන් ලබාදෙන්නේ නැහැ. නමුත් සභාවේ ආරක්ෂකයන් දෙදෙනෙක් කොමසාරින්වරිය තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් යොදාගන්නවා. සභාවේ ටෙන්ඩර් තමන්ගේ සමීපතමයින්ට ලබාදෙනවා, සබාවේ මුදල් අවභාවිතා කරමින් සභාවේ අවසරයකින් තොරව කුලි නිවසක් ලබාගෙන තිබෙනවා. සභාව දැනුවත් නොකර නිල නිවස අලූත්වැඩියා කිරිමට මුදල් ලබාගන්නවා. මේ වගේ අක‍්‍රමිකතා රාශියක් ඇය විසින් සිදුකර තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි සැලසුම් අනුම කිරිම් වලට බාධා කිරිම, තමන්ට ඕන ඕන හැටියට හැසිරවිය නොහැකි දක්ෂ නිලධාරින් මාරු කිරිම වගේ සභාවේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමට බාධාකාරි වන කටයුතු රැෙසක්ද කොමසාරිස්වරිය විසින් සිදුකර තිබෙනවා. මේවා ගැන අපි සභාවේ කතා කළා. දැනුවත් කළ යුතු තැන්වලට දැනුම් දුන්නා. ආණ්ඩුකාරවරයාට අවස්ථා ගණනාවකදි පෙන්වා දුන්නා. නමුත් තවමත් කිසිම පිළියමක් නැහැ. ඒ නිසා අපි කොමසාරිස් ඉවත් කරන ලෙස බල කරලා අඛන්ඩ සත්‍යග‍්‍රහයක් පසුගිය 18 වැනිදා සිට ආරම්භ කළා. ප‍්‍රශ්නයට උත්තරයක් ලැබෙන තුරු මේ සත්‍යග‍්‍රහය අවසන් කරන්නේ නැතැයිද හෙන්රි ගමගේ මහතා පැවසීය.
හෙන්රි ගමගේ මහතා ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැන ගැනීඹ සඳහා අප කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීනි දිසානායක මහත්මිය අගේ ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදිම උත්සාහ කළත් ඇය ඊට ප‍්‍රතිචාර දැක්වුයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට ඕන විදියට පොලිසිය නටවන්න ගිහින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇනගත්ත විදිය පොලිස්‌පතිවරයා හෙලිකළා. කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ට ඕනෑවෙලා ඇත්තේ මහජන බදුවලින් හෙන්චයියන්ට කන්න දෙන්න සල්ලි. කොමසාරිස්වරිය නටවන්න. ඇය රාජ්‍ය සේවිකාවක් නේද?