
(ගයාන් සූරියආරච්චි)
කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු හදිසියේ ඇතිවූ බව කියන අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (7) රාත්‍රී එම කාර්යාලයේ විවේකී කාමරයේදී මියගොස් ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ (38) නැමැති කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කළ අයෙකි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා සකස් කිරීමේ රාජකාරි කටයුත්තක් සදහා ඒ මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඔහුගේ කාර්යාලයට පැමිණ රාජකාරී කර ඇති අතර පසුව ඒ අසල පිහිටි විවේකී කාමරයේ සිටියදී පෙරේදා (7) රාත්‍රී මෙසේ මියගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා මියගොස් සිටි ස්ථානයේ ලේ වමනය වැනි යමක් තිබී හමුවී ඇති බවද පොලිසිය පවසයි.
දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි නාරාහේන්පිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවීතය අනිත්‍යයි... මරණය නියතයි. ඔහුට අමා මහ නිවන්සුව අත්වේවා..!
හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙසත් සේවය කළ වෙදගේ මහතා ආගම, දහම ගැන හොඳ නැඹුරුවක් ඇති පුද්ගලයෙක් ඔබට සුබගමන්...!
එම කාර්‍යාලයේ විවේක කාමරයකුත් තියෙනවා. ඒත් මම හිටපු කිසිම තැනක නම් තිබුනෙම නැහැ අලුත්ම ගොඩනැඟිලි හදාගෙන ගියපු තැනකවත් ඒ ගැන කිසිම තැකීමක් තිබුනෙම නැහැ .ඒත් එක් වරක් මම ගාල්ලෙ දිසාපති කාර්‍යාලයේ කාන්තා විවේකාගාරයක් තියෙනවා දැක්කා
එතුමා ඇඹිලිපිටිය සහකාර ප්‍රාලේතුමන් ලෙස කලක් කටයුතු කළ හොඳ නිහතමානී මහත්මයෙක්... එතුමාට නිවන් සුව ලැබේවා..!