(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකකවල අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහා පිටස්තර සුළු සේවකයන් යොදාගැනීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට පත්ව ඇතැයි එම රෝහලේ විශේෂඥා වෛද්‍යවරු පවසති.
ශල්‍යකර්මවලින් පසුව සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝගීන් විවිධ අසාධන තත්වයන්ට පත්වීම ඉහළ ගොස් ඇති වාතාරණයක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරියෙක්ගේ අනුදැනුම යටතේ එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවත් ශූද්‍ර ජීවි අංශයේ සහ ආසාධන පාලන ඒකකයේ වාර්තාවලින් එම තත්වය තහවුරු වී ඇති බවත් විශේෂඥා වෛද්‍යවරු කියති.
මෙම තත්වය ළමා රෝහලේ හෝ වෙනත් ප්‍රධාන රෝහල්වල දකින්නට නොලැබුණත් මෙරට ප්‍රධාන රෝහල වන ජාතික රෝහලේ තත්වය පිළිබඳව විශ්මයට පත්වන බව කියන විශේෂඥා වෛද්‍යවරු වැසිලිකිලි, කාණු, වැසිකිළි වළවල් ඇතුළු අපවිත්‍ර ස්ථානවල ගැවසෙන සේවකයන් ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක පිරිසිදු කිරීම යෙදවීම හොඳ තත්වයක් නොවන බව ද සඳහන් කරති.
මෙම තත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව ද එම රෝහලේ විශේෂඥා වෛද්‍යවරු වැඩි දුරටත් සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල්වල වැසිකිළි පවා පවිත්‍ර කරන සනීපාරක්ෂක සේවක සේවිකාවන් රෝහල්වල දැඩිව පවිත්‍රත්වය පවත්වා ගෙන යා යුතු ස්ථානවල පවා පවිත්‍රතා කටයුතු වල නියැලී සිටින අතර සනීපාරක්ෂක සේවකයින් විවිධ කාර්යාලවල තේ සෑදීම පවා කරන ආකාරයක් දක්නට ඇත. මෙය අවතක්සේරු කිරීමක් නොව, වැසිකිළි පවිත්‍ර කරන්නන් වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සුදුසු නොවන තත්ත්වයකි...
රාජ්‍ය සේවයේ සුලු සේවකයන් ඇත්තටම වැඩ කරනවද?