
(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ අනුමැතිය නොමැතිව අවම සුදුසුකම් ලැබූ ටෙන්ඩර් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ගේ හිතමිතුරු සමාගමකට ප්‍රදානය කිරීමට සූදානම් වන බව එම රෝහලේ වෘත්තීය සමිති චෝදනා කරයි.
පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව අවම සුදුසුකම් පමණක් සම්පූර්ණ කළ සමාගමකට තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ අනුමැතිය නොමැතිව පිරිනැමීමට ටෙන්ඩර් කමිටුවට බලයක් නොමැති බව කියන වෘත්තීය සමිති පසුගිය ආණ්ඩු සමයේ බෙහෙත් වංචාවලට සම්බන්ධ වූ නිලධාරීන්ම මෙම සිද්ධියට සම්බන්ධ බව ද සඳහන් කළේය.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වාහාම මේ පිළිබඳව අවදානය යොමුකළ යුතු බව ද වෘත්තීය සමිති පැවසීය.
මධ්‍යම රජය යටතේ පවතින රෝහල් 54 ක් පිරිසිදු කිරීමේ සේවය පෞද්ගලික සමාගම්වලට ටෙන්ඩර් කැඳවීමෙන් පිරිනමන අතර ඒ සඳහා මාසයක ඇස්තමේන්තු වියදම රුපියල් කෝටි 400 ක් බවත් මීට පෙරද එම කොන්ත්‍රාත් ඇමතිවරුන්ගේ හිතවතුන්ට දුන්නේ යැයි චෝදනාවක් තිබූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩි දුරටත් සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ ටෙන්ඩරය පිටපාරේ
ගුණරත්න Thursday, 15 May 2025 04:25 PM
දැන් දූෂණ වෙන්නේ නැහැ, මේක ඇවිල්ල පුනරුදේ
himal Friday, 16 May 2025 11:51 AM
යම් සුදුසුකමක් සැපිරුවා නම් ඒක සලකා බලන්න සුදුසුකමක් තමයි. උදාහරණෙකට උස අඩි 5ක් නම් අවම උස අඩි 5.1 තියෙන කෙනාත් 5.4 තියෙන කෙනාත් සුදුස්සො තමයි. එහෙම නැතුව 5.4 වැඩි නිසා එයා වැඩි පුර සුදුසුකම් ලබන්නෙ නෑනේ.