(අංජුල මහික වීරරත්න)
පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩු පහසුකම් ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.
මහා භාණ්ඩාගාරයට බරක් නොවී එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් සපයා ගැනීමට විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
ආසියානු යටිතල පහසුකම් සහ ආයෝජන බැංකුවේ ණය ආධාර මත නිවාස ඒකක 5500ක් ඉදිකිරීමට ද යෝජනා වී ඇත. එයින් මහල් නිවාස ඒකක 4074ක ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් අඛණ්ඩව සිදුකරමින් පවතින බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එමෙන්ම චීන ජනරජයේ ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත යුවාන් මිලියන 552ක මුදලක් උපයෝගී කරගෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙන්ම කලාකරුවන් සඳහාත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම ව්‍යාපෘතිය යටතේ පෑලියගොඩ, මොරටුව, දෙමටගොඩ, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල නිවාස ඒකක 2000 ක ඉදිකිරිමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වය යටතේ අඩු පහසුකම් ජනාවාස සඳහා නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද ප්‍රමුඛතාවය ලබාදෙන බවද අමාත්‍යවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සුරංගනා කතාවලට රැවටෙන බයි වහල්ලු ඉන්නකන් රට ඉවරයි..
හදයි රටේ සතයක් නැතුව .මෙවා සුරංගනා කතා
මෙයා හදන්නේ ඉක්මණින්ම රටේ ඉතුරු ටිකත් හොරාකන්න. අපි නොදන්න ප්‍රසන්න..
කප්පමට ඉල්ලපු සල්ලි ලැබුණද ළමයෝ?
පවුලේම අය දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු හැටි රටම දන්නවා .. රටම බංකොලොත් කරපු දූෂිත දේශපාලුවන් කොහේ ගෙවල් හදන්නද?