(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්ක තුනට පනවා ඇති ඇදිරි නිතිය ලබන මස 03 වැනිදා දක්වා දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැති කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කෙරුණු බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්ක තුන කොරෝනා ආසාදනය වීමේ අවදානම් කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමින් රජය විසින් ඉකුත් 24 වැනිදා ප. ව. 2.00 සිට නැවත දැනුම් දෙනතුරු එම දිස්ති‍්‍රක්ක තුනට ඇදිරිනිතිය පනවනු ලැබීය.
කොළඹ කොටුවේ පිහිටි රතු පල්ලියේ ඉකුත් දා පැවැති දේව මෙහෙයකට සභභාගී වූ පියකුට හා පුතකුට කොරෝනා වසංගතය ආදානය වූ බවට තහවුරු වීමෙන් පසුව, දේව මෙහෙයට සහභාගී වූ සෙසු පිරිස මේ වන විට නිරෝධනය සදහා යොමු කරනු ලැබ ඇත.
එම පිරිසේ නිරෝධානය ලබන මස 03 වැනිදා අවසන් වීමට නියමිතව ඇති බැවින් එතෙක් මෙම ඇදිරි නිතීය කි‍්‍රයාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මෙම කාලය තුළ ජනතාව අවශ්‍ය ප‍්‍රමාණයට ආහාර ද්‍රව්‍ය ආදිය නිවෙස්වලට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙළක් රජය විසින් මේ වන විට සකස් කරගෙන යනු ලබන බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව ටීවි එකේ ආහාර නිව්ස් වලට ගෙනත් දෙනවා. අපිට නම් තවම බඩු ඔඩර් කරලා ගෙදර එන ක‍්‍රමයක් නැහැ. ගෙදර බඩු ඉවර වෙගෙන යන්නේ...