IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොළඹ,ගම්පහ,කලුතර ඇඳිරිනීතිය 3 වැනිදා තෙක්

(අජන්ත කුමාර අගලකඩ)
 
කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්ක තුනට පනවා ඇති ඇදිරි නිතිය ලබන මස 03 වැනිදා දක්වා දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25)  පැවැති කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කෙරුණු බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
 
කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්ක  තුන කොරෝනා ආසාදනය වීමේ අවදානම් කලාපයක් ලෙස  ප‍්‍රකාශයට පත් කරමින් රජය විසින් ඉකුත් 24 වැනිදා ප. ව. 2.00 සිට නැවත දැනුම් දෙනතුරු එම දිස්ති‍්‍රක්ක තුනට ඇදිරිනිතිය පනවනු ලැබීය.
 
කොළඹ කොටුවේ පිහිටි රතු පල්ලියේ ඉකුත් දා පැවැති දේව මෙහෙයකට සභභාගී වූ පියකුට හා පුතකුට කොරෝනා වසංගතය ආදානය වූ බවට තහවුරු වීමෙන් පසුව, දේව මෙහෙයට සහභාගී වූ සෙසු පිරිස මේ වන විට නිරෝධනය සදහා යොමු කරනු ලැබ ඇත.
 
එම පිරිසේ නිරෝධානය ලබන මස 03 වැනිදා අවසන් වීමට නියමිතව ඇති බැවින් එතෙක් මෙම ඇදිරි නිතීය කි‍්‍රයාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
 
මෙම කාලය තුළ ජනතාව අවශ්‍ය ප‍්‍රමාණයට ආහාර ද්‍රව්‍ය ආදිය නිවෙස්වලට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙළක් රජය විසින් මේ වන විට සකස් කරගෙන යනු ලබන බව වාර්තාවේ. 



අදහස් (1)

කොළඹ,ගම්පහ,කලුතර ඇඳිරිනීතිය 3 වැනිදා තෙක්

Viki Thursday, 26 March 2020 01:47 PM

ආණ්ඩුව ටීවි එකේ ආහාර නිව්ස් වලට ගෙනත් දෙනවා. අපිට නම් තවම බඩු ඔඩර් කරලා ගෙදර එන ක‍්‍රමයක් නැහැ. ගෙදර බඩු ඉවර වෙගෙන යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 141 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site