(යොහාන් භාසුර)

දිමුතු අබේසේකර මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35 කට අධික අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර හයක පමණ කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.