
(අංජුල මහික වීරරත්න)
කොළඹ දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය පැතිරීම දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙහිදී නිලධාරීන්ගෙන් විමසූ ජනාධිපතිවරයා අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ඇළ මාර්ග - කාණු කඩිනමින් පිළිසකර කරන්න උපදෙස්
Daranagama Wednesday, 21 May 2025 05:02 AM
ගම්පහ තත්වය දෙවෙනි නොවේ. සුළු වර්ෂාවකින් උවද ගම්පහ නගරය ගංවතුරට යටවේ.
සාලිය Wednesday, 21 May 2025 07:19 AM
උපදෙස් ලබා නොදී සුද්ධ පවිත්‍ර කරන ආකාරයට සිස්ටම් එක හදන්න. ඒකටයි ඔයාලා පත් කලේ.
අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 11:29 AM
ඔයා හිතාගෙන ඉන්නේ අනුර කුමාර කියන්නේ වාරිමාර්ග ඉංජිනේරුවෙක් කියලාද, රටේ ජනාධිපති ඉන්නේ උපදෙස් හා නියෝග දෙන්න තමයි. ඒ උපදෙස් හා නියෝග අනුව ක්‍රියාත්මක වෙන්න තමයි අදාල නිලධාරින් පත් කරලා තියෙන්නේ. දේශපාලකයෝ තමන් නොදන්නා මගුල් කරන්න ගිහිල්ලා තමයි රට මේ තරම් විනාශ වුනේ...!
Kamal koyrala Wednesday, 21 May 2025 12:21 PM
ඇළ මාර්ග අයිනේ පදිංචි පැල්පත් ඉවත් කිරීම සහ කසල කලමනාකරණය තමයි අවශ්‍ය. එමෙන්ම මේ කසල ඉවත් කිරීමේ කාලවේලාවන් රාත්‍රිෙය්දී විය යුතු අතර, උදෑසන නගර පිරිසිදුවත්, වැදගත් මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීමේදී කසල බැහැරවන ක්‍රම යන සියල්ල සලකා බැලිය යුතුය. එමෙන්ම පරිසර හානි නීතිරීති දැඩිකළ යුතුයි.