(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ආහාර උද්ධමනය( ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම) සියයට අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි.
රටේ පසුගිය 2022 මැයි මාසයේදී සියයට 58ක් ලෙස පැවති ආහාර උද්ධමනය ජූනි මාසයේදී සියයට 75.8 දක්වා ඉහළගොස් ඇති බවද එම දර්ශකය සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ලක්ෂ 57 ක පමණ පිරිසක් ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති තත්ත්වයක පසුවන බව ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එසේම ඔවුන් මානුෂීය ආධාර අවශ්‍ය පසුබිමක සිටින බවද එම වාර්තාව සඳහන් කරයි.
කෝටි දෙකකට ජනගහණයක් සිටින ශ්‍රී ලංකාවේ වසර 70ක් තුළ උදාවූ දරුණුතම ආර්ථික අර්බුදය විසින් ගෙන එන ලද දුෂ්කරතාවලට ජනතාව මුහුණ දෙමින් සිටින බව ලෝක ආහාර වැඩසටහන පවසයි.
මේ අතර ආර්ථික අපහසුතා හේතූවෙන් තම දෛනික ජිවිතයේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාවක් නොමැතිව ඉතා දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන බොහෝ පවුල් සම්බන්ධ මාධ්‍ය වාර්තා මේදිනවල සුලභව පළවෙමින් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට කමක් නැහැ උද්ඝෝෂණ කරපු උන් ටික හිරේ දාමු
මොන බොරුද .අර ඇමති කිව්වේ එක වාට්ටුවක විතරයි කියලා මන්ධපෝෂණය තියෙන්නේ
මැති ඇමති අගමැති ජනාධිපතිලාට සැප පහසුකම් වැඩි කරනවාලු
69 බලාපොරොත්තුව .සෞභාග්‍යයේ දැක්ම
රටට නායකත්වය දීමට සුදුසු නායකයකු තවමත් අපට නැත. ඉන්න අයගේ බොරු කයිවාරු විතරයි. හරියට රට පාලනය කරන්න දන්නේ නැහැ. ඒකයි රටේ මන්දපෝෂනය ඉහලයන්නේ.හම්බකරන තුට්ටු දෙක ආහාර සපයාගන්නවත් ප්‍රමාණවත් නැහැ.
එහෙම වෙන්න විදිහක් නෑ.. සබරගමු පළාතෙ රජයේ වැඩකට පරිගණක 200ක් ගත්තා ඔක්කොම දේවලුත් එක්ක. අපිට එහෙම සල්ලි ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ...!
ඕවා බොරු. බලන්නකො අර දියවන්නා මඩුව පැත්තෙ ඉන්න එවුං දිහා බලන්නකො. කොච්චර සරුවට ඉන්න හැටි.
අරගලයට බැනපු අයට නම් දැන් සැප ඇතිනේ?