
(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් කොවිඩ් ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කිරීම යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් අද (26) සිදුකෙරිණි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කිසිදු උත්සවයකින් තොරව රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා මෙය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලබාදුන් උපදෙස් අනුව මෙය කොවිඩ් ප්‍රතිකාර සඳහා රෝහල වෙත භාරදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉතා දීර්ඝ කාලයක සිට ඉදිකෙරෙමින් පැවති මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පසුගියදා ලබාදුන් උපදෙස් අනුව යුද හමුදාවේ දායකත්වය ඇතිව මසක පමණ කාලයක් තුළ එහි වැඩ කටයුතු නිම කර ඇත
තට්ටු අටකින් සමන්විත මෙම ගොඩනැගිල්ල හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්, වාට්ටු සංකීර්ණ කිහිපයක් ශල්‍යාගාර හයක්, හෘද ප්‍රතිකාර ඒකකයක් හා රසායනාගාර කිහිපයකින්ද සමන්විතය.
මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සමඟ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වන ඉඩ පහසුකම් ඉහළ ගොස් ඇත.
මේ වන විට එම රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා ඇඳන් 200 ක් පමණ වෙන් කර ඇති අතර ඉදිරියේදී එහි ධාරිතාව 350 ක් ඉක්මවන ප්‍රමාණයකට ගෙන යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් මේ සඳහා ඇඳන්,මෙට්ට සහ ඇඳ ඇතිරිලි ආදිය පරිත්‍යාග කර ඇත.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩ්ඩු වැඩී වැඩී කියලා නහයෙන් අඬ අඬා නොයිඳ වහා ක්රිියාතමක් වීම ඉතා විශිෂ්ඨයි.