
(අංජුල මහික වීරරත්න)
මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකදී අනාවරණය විය.
මෙම සාකච්ඡාව කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරුන්ගේ සහ කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන් කොලොන්නාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ දී පැවැත්විණි.
මේ සඳහා කොලොන්නාව කොට්ඨාසයේ පාසල් 18ක විදුහල්පතිවරුන් සහභාගී වී සිටි අත, ඔවුහු මෙහි දී සිය ගැටලු, අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.
කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධ ආයතන සමඟ සාකච්ඡා කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා එහිදී සඳහන් කළේය.
පාසල් මුරකරුවන්ගේ හිඟයක් පවතින අතර එම පුරප්පාඩු පිරවීම සඳහා පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඉදිරියේ දී පාසල්වල ආරක්ෂාව සම්බන්ධ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාසල් පද්ධතියේ ප්‍රජා දායකත්වය සහිත පොදු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් වෙන්නම බැහැ .ලංකාවේ කොහෙද කුඩු .මාස දෙකෙන් ලංකාවට කුඩු එන එක නතර කරානේ අපේ අය
රට පෙරට කියන වහල් ගවයෝ ,තනකොලම කකා ඉන්නේ නැතුව බත් ටිකකුත් කන්න