IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කළුදිය පොකුණ පෙදෙසට ඇතුලුවීම තහනම්


(එම් .සුසිල් ප්‍රියන්ත සහඩි.ජේ.විජේසිංහ)
 
ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය හමුවේ නියාගම බල ප්‍රදේශයට අයත්  ලෝපතල කළුදිය පොකුණ ඇතුළු සියලුම ස්වභාවික  දොළ පාරවල් දෙස් විදෙස් සංචාරකයින්ට තාවකාලික තහනම් කලාප කිරීමට නියාගම ප්‍රාදේශීය සභාව සහ පිටිගල පොලීසිය පියවර ගෙන ඇත
 
සිය බල ප්‍රදේශයේ හැර වෙනත් කිසිදු පුද්ගලයකුට මේ දොළ පහර තිබෙන ප්‍රදේශවලට ඇතුලුවීම හා ඒවායින් දිය නෑම නැවත දැනුම් දෙනතුරු සපුරා තහනම් කළ බව නියාගම ප්‍රාදේශීය සභාව සහ පිටිගල පොලීසිය කියයි.
 
සිය බල ප්‍රදේශයේ අයටද මේ ස්ථානවල රංචු ගැසී දිය නෑම සහ මත් පැන් පානය කිරීම ඇතුලු ප්‍රියසාද පැවැත්වීමද මේ සමග තහනම් කල බව එම ආයතන දෙක සදහන් කරයි.
        
මේ නීති කඩන අයට විරුද්ධව කොරෝනා මර්චන නීති අනුව නීත්‍යානුකූල පියවර ගන්නා බවද එම ආයතන දෙක කියයි.
 
කළු දිය පොකුණ ඇතුලු ස්වභාවික දොළ පහර ඇති ප්‍රදේශවලට ඇතුලුවීම තහනම් කොට නියාගම ප්‍රාදේශීය සභාවෙන් හා පිටිගල පොලීසිය මගින් පළ කර ඇති දැන්වීම් පුවරු හා ජන ශූන්‍ය කළු දිය පොකුණේ චායාරූප මෙහි දැක්වේ.

 



අදහස් (0)

කළුදිය පොකුණ පෙදෙසට ඇතුලුවීම තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site