(සුමිත් පොතුපිටිය)
කළුතර බස් නැවතුම්පොල අසලදී අද (18) පස්වරුවේ පිහි පාරවල් තුනක් ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙහිදී මියගොස් ඇත්තේ ජී එච්. තරිදු දර්ෂන නැමති 30 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි.
මරණකරු ඝාතනය සිදු කර ඇති තැනැත්තාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වන බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු ඇතැයි පොලිසිය කීය.
දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් පසු ඝාතනය සිදුකළ තැනැත්තා සඟවාගෙන සිටි උල් පිහියක් රැගෙන පපුව සහ ගෙල ප්‍රදේශයට පිහි පහරවල් තුනක් එල්ල කර ඇතැයි සදහන් වේ.
බරපතළ තුවාල ලබා සිටි ඔහු 1990 සුවසැරියෙන් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් , ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ඝාතනය සිදුකළ තැනැත්තා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කළුතරදී මහ දවල් මනුෂ්‍ය ඝාතනයක්