IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කළුතර ව්‍යාපාරිකයාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කළුතර උතුර තොටුපළ හංදියේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පැල්පොලවත්ත ඔහුගේ නිවසේ දී අද(03)අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

වෙඩි තැබිමට යොදා ගත් බ්‍රවුනින් වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩයක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.

ඉකුත් 1 වැනි දා රාත්‍රිය‍ෙ ව්‍යාපාරිකයා සිය බිරිඳ කලුතර උතුරු ප්‍රදේශයේ පවත්වාගෙන යන ආපනශාලාව වෙත පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි මෙම පුද්ගලයා රියදුරු අසුනේ සිටම වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරය අතරතුර ව්‍යාපාරිකයාගේ බිරිඳ දිව යද්දී ව්‍යාපාරිකයා අසළ තිබු වෑන් රථයකට මුවා වී ඇත.

එම අවස්ථාවේ මෝටර් රථයේ සිටි පුද්ගලයකු එයින් බිමට බැස ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර එම ගිනි අවිය අක්‍රීය වී ඇතැයි පොලිස් නිලධාරීයෙක් පැවසීය.



අදහස් (0)

කළුතර ව්‍යාපාරිකයාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site