( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර උතුර තොටුපළ හංදියේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පැල්පොලවත්ත ඔහුගේ නිවසේ දී අද(03)අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.
වෙඩි තැබිමට යොදා ගත් බ්‍රවුනින් වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩයක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
ඉකුත් 1 වැනි දා රාත්‍රියෙ ව්‍යාපාරිකයා සිය බිරිඳ කලුතර උතුරු ප්‍රදේශයේ පවත්වාගෙන යන ආපනශාලාව වෙත පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි මෙම පුද්ගලයා රියදුරු අසුනේ සිටම වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරය අතරතුර ව්‍යාපාරිකයාගේ බිරිඳ දිව යද්දී ව්‍යාපාරිකයා අසළ තිබු වෑන් රථයකට මුවා වී ඇත.
එම අවස්ථාවේ මෝටර් රථයේ සිටි පුද්ගලයකු එයින් බිමට බැස ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර එම ගිනි අවිය අක්‍රීය වී ඇතැයි පොලිස් නිලධාරීයෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd