
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවලින් ‘‘ඔමික්‍රොන්‘‘ වයිරසය ආසාදිත පුද්ගලයකු වාර්තා වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පවසයි.
මෙම පුද්ගලයා තිස් හැවිරිදි බේරුවල චීන කොටුවේ මැණික් ව්‍යාපාරිකයකු බවත් විදේශ ගතවීමට අපේක්ෂාවෙන් කොළඹ පෞද්ගලික රෝහලකින් සිදුකළ පි.සි.අර්.පරීක්ෂණ වාර්තාවකින් මොහු ඔමීක්‍රොන් ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු නිවසේ නිරෝධායනයට ලක්කර තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
ඒ හේතුවෙන් ඔහුගේ සමිප පවුල් දෙකක පුද්ගලයන් පිරිසක් ද නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර තිබෙන බවත් බේරුවල චීන කොටුව ප්‍රදේශයේ දී හෙට (3) ප්‍රදේශවාසී සෙසු පුද්ගලයන් ඉලක්ක කරගෙන පි.සි.අර්.පරීක්ෂණයක් සිදුකෙරෙන බවත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd