(විනීතා එම් ගමගේ)
කළුතර, බේරුවල සහ වාද්දුව ජනතාව වසරකට දෙවතාවක් මුහුණ දෙන ජල ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදෙන තෙක් ඔවුන්ගෙන් ජල බිල්පත් අයකර ගැනීම නවත්වා දැමිය යුතු බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
කළුතර කෙත්වෙහෙර ජල පවිත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මෙම යෝජනාව කළ බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පැවැසීය.
මෙම ප්‍රදේශවල පවුල් 72,000 කට ආසන්න සංඛ්‍යාවක් පානීය ජලයට ලවන මිශ්‍රවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා කළුතර සෞඛ්‍ය විද්‍යායතනය මෙම ජලයේ සන්නායකතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව පානයට සේම සෞඛ්‍යාරක්ෂාත කටයුතු සඳහාද මෙම ජලය නුසුදුසු බවට නිර්දේශ කර ඇතැයි පැවසීය.්
ඉදිරියේදී වැඩ නිම වීමට නියමිත අලුත්ගම, අගලවත්ත, මතුගම පානීය ජල යෝජනා ක්‍රමය මගින් මෙම ගැටළුවට ප්‍රමාණවත් විසඳුමක් ලැබෙනු ඇති බව කී අමාත්‍යවරයා එතෙක් ජලබිල්පතට සහනයක් ලබාදීම අනිවාර්යයෙන් කළයුතු කටයුත්තක් බව අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දේ මාස පහක් ලුණු වතුර බොන අපෙන් මුදල් අයකර ගන්න ආණ්ඩුව මොන වියදමක් දරලද කියල දැන ගන්න මම කැමති. ඔහොම ලුණු වතුර බොන්න ඕනනම් කලින් මූදට කිහින් වතුර මීවන කාටවත් බිල්ගෙවන්න ඕනේ නෑ නේද.
මේ ගොල්ලෝ ගොන් කතා කියලා ලකුණු දාගන්නයි හදන්නේ... මොවුන්ව මහ ඡන්දෙදී දේශපාලනයෙන් පන්නා දමන්න...
වැදගත් දෙයක්.