(සුමිත් පොතුපිටිය)

කළුතර ධර්මරාජ මාවතේ ඇල ඉවුර ආසන්නයේ අබිලි ද්‍රව්‍ය ගොඩගසා තිබු ස්ථානයක අද දහවල් ගින්නක් හටගෙන ඇති බව කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි .

ගින්න අවට නිවාස වලට පැතිරීමට ඉඩනොදී විනාඩි 30 ක පමණ කාලයකදී පාලනය කිරීමට ගිනි භඨයින් සමත්වූහ.

ගින්නෙන් ජීවිත හානි සිදුව නොතිබූ අතර, අබිලි ද්‍රව්‍ය සියල්ල ගින්නෙන් විනාශවී තිබු අයුරු දැකගත හැකිවිය.