IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැළණිවැලි දුම්රිය මාර්ගය අසල අනවසර පදිංචිකරුවන්ට ගෙවල්

(යොහාන් භාසුර)

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකළ කොට්ටාව, මාලපල්ල, පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම සහ නිවාසවලට අදාල හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම අද (6) පැවැත්විණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ඉඩම් සහ නිවාස අහිමි වූ පවුල් ඒකක 116 ක් සඳහා හිමිකම් පත්‍ර ලබාදීම සිදුකෙරිණ.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ මෙම නිවාස සංකීර්ණය මහල් 12 කින්, නිවාස ඒකක 120 කින් සමන්විත අතර හඑම නිවාස සකීර්ණය ඉදිකිරීම් රුපියල් මිලියන 2,175 ක් වැයවිය.  

එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙසේ පැවසීය.

“නාගරික හා ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට රජය ප්‍රමුඛතාවය ලබාදී තිබෙනවා. පොදු මගී ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීමට අදාල රජයේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව කෙරෙමින් පවතිනවා. දීර්ඝ කාලයක් පිළිවෙලක් නැතුව ගමන් කළ අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය නිසි මාර්ගයට ගැනීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍යයි. සංවර්ධනයේ දී කිසිදු බේදයක් නැතිව සමානාත්මතාවයෙන් කටයුතු කරන පුරවැසි රජයක් අද තිබෙනවා” යැයි පැවසීය.  



අදහස් (7)

කැළණිවැලි දුම්රිය මාර්ගය අසල අනවසර පදිංචිකරුවන්ට ගෙවල්

swene Friday, 06 June 2025 08:57 PM

එක්කෝ ඔය අයම නැත්නම් තවත් කවුරු හරි රජයේ ඉඩම් වල දේශපාලන හයියද අරගෙන ගෙවල් අටවාවි. ඕවාට ජනතා බදු මුදලින් දිගටම සැලකිය යුතුද ? පාරවල් අයිනේ අටවනවා. කඩ කෑලි ගහනවා. අන්තිමේදී, ඒවා වෙනත් අයට කුලියටත් දෙනවා, වෙළඳාම් වලට.

:       0       33

ගුණරත්න Friday, 06 June 2025 10:40 PM

මේවා නිකම්ම දුන්නොත් තව අය පැල් අටවාගෙන ගෙවල් ගනීවි, අඩුම ගානේ බදු කුලියක් හරි අයකරන්න ඕනෑ...

:       1       33

රසික Friday, 06 June 2025 11:39 PM

තව තවත් මහජන දේපළ අල්ලා ගන්න.. ඒකයි දෙන පණිවිඩය ඕකෙන්...

:       0       5

ටිකිරි මොලේ Saturday, 07 June 2025 06:47 AM

මාත් හිතාගෙන ඉන්නේ ප්‍රයෝජනයට ගන්න පුලුවන් ගහක් තියෙන මාර්ග රක්ෂිතයක් හෝ ඇලක දොලක රක්ෂිතයේ ගහ යටින් පොඩි ගෙයක් හදාගන්න තරමක් සුළං තියෙන වෙලාවට ගෙට අනතුරු කියලා ගහ කපාගෙන ඒ ලී ප්‍රයෝජනයට අරගෙන ගේ ලොකු කරගන්නත් පුලුවන් කාලයක් යනකොට ඔහොම ජනතාව උගසට තබා ගන්නා ණයෙන් හදන ගේකුත් ගන්න පුලුවන් වේවිනේ... කොහොමද මගේ මොලේ...?

:       0       7

don Saturday, 07 June 2025 07:34 AM

එක පවුලක් වෙනුවෙන් රුපියල් මිලියන 18කට වැඩියෙන් වියදම් කරලා.

:       0       2

සාලිය Saturday, 07 June 2025 08:23 AM

Vertical Development හෙන හොඳා කියලා හිතාගෙන උන්නාට ඕකේ side effects මහ ගොඩාක් තියනවා.

:       0       2

සනත් ගමගේ Saturday, 07 June 2025 11:32 AM

රේල් පාර අයිනේ නිවසක ජීවත් ව සිටි පවුල් වල පුද්ගලයෙක් නිසා මොරටුව සිදුවීමට ගිය මහා ඛේදවාචකයක් වලක්වා ගැනීමට හැකි වුනා. මේ ගැනත් සිතන්න...

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site