
(අංජුල මහික වීරරත්න)
අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා නිසි සැලැස්මක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා කුළුබඩු සංගමය වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සුදානම් බවත්, පෞද්ගලික අංශයද එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.
ශ්‍රී ලංකාවේ කුරුදු කර්මාන්තයේ ප්‍රවර්ධනයට දැක්වූ දායකත්වය වෙනුවෙන් සාරද ද සිල්වා සහ මහාචාර්ය ජයසිරි ලංකාගේ යන මහත්වරුන් වෙත සම්මාන පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ද සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන දේ කළත් වැඩක් නෑ. මුදලාලිලාට ඕන විදිහට ප්‍රති අපනයනය නවත්වන්න වැඩ කරපල්ලා. එතකොට හොඳ මිලක් එනකොට ඉබේටම කර්මාන්තය දියුණු වේවි... අතීසාරයට අමුඩ ගහන්න වගේ දේවල් කරන්න එපා. අපනයන ලොක්කෝ කරන බලුවැඩ නවත්වලා ඕවා පටන් ගන්න...!