(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
තමා ළමා මන්ද පෝෂණය පිළිබඳ සිදු කළ පරීක්ෂණයක් සම්බන්ධයෙන් ජන මාධ්‍ය මගින් ප්‍රචාරය වූ තොරතුරු පදනම් කරගනිමින් නීතියට පටහැනිව වැඩ තහනමට ලක් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට රුපියල් කෝටියක වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය සංජීව චමල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙළේය.
වෛද්‍ය සංජීව චමල් මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තර කරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 21 දෙනෙකු නම්කරනු ලැබ සිටිති.
පෙත්සම්කරු උපාධිධාරී වෛද්‍යවරයකු වන බවත් ඔහු ශ්‍රී ලංකාව සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂණ පවත්වන පරීක්ෂකයකු බවත් නීතිඥ ප්‍රවීන් ප්‍රේමතිලක මහතා මගින් ගොනුකර ඇති පෙත්සමේ සඳහන් වේ.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේද කතා බහට ලක් වී ඇති අතර ඉන් අනතුරුව පසුගිය සැප්තැම්බර් 25 වැනිදා වැඩ තහනමට ලක්කර චෝදනා පත්‍රයක්ද ඉදිරිපත් කළ බවත් මෙම තත්ත්වය තුල පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව එම පෙත්සමේ සඳහන් වේ.
තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත් තම වැඩ තහනම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළියට තවත් නඩුවක්