
(අංජුල මහික වීරරත්න)
නව අධිකරණ ස්ථාපිත කිරීම සඳහා ඉඩ පහසුකම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහත සඳහන් ලිපිනයන්හි පිහිටි ගොඩනැගිලි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දීම පිණිස සිය අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
*අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07.
*අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
*අංක B 108, විජේරාම පාර, කොළඹ 07.
*අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍ර වංකය, කොළඹ 07.
මෙලෙස මහාධිකරණයක් සඳහා යෝජිත වී ඇති කොළඹ 07 විජේරාම පාරේ නිවස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිහරණය කළ නිවස බව රජයේ ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලයේ සමහරෙක්ට හිතේ අමාරුවකට වැඩිය වෙන අමාරුවක් තිබූණා ඔය ගෙවල් ගැන. දැන් තේරෙනවාද ඔය ගෙවල් වෙන් කරලා තිබූණේ ආණ්ඩුව සැළසුමක් ඇතුව කියලා, දැන් නඩු ඉක්මනින් හා දඩුවම්ද ඉක්මනින් දෙයි හොදේ.......
හිටපු ජනපති අරක් ගෙන හිටපු, දිවි ඇති තුරා පවුලටම භාර දීමට හිටපු බංගලාව තවම හරියට නිදහස් වෙලා නැතිලු.
හොඳ තීරණයක්, රට පුරාම මෙවැනි රජයේ ගොඩනැගිලි තිබෙනවා. දැන් කළ යුත්තේ අවශ්‍ය ප්‍රමනෙට විනිසුරුවරු බදවාගෙන පහුණු කරගෙන, අලුතෙන් මහේස්ත්‍රාත්, දිසා සහ මහාධිකරණ ඇතිකරගෙන, රට පුරාම කල් ඇදෙමින් පවතින නඩු ඉක්මන් කරන එක, මේවාට වියදම් කරන මුදල් අපතේ යන්නේ නැහැ. දඩ සහ රජයට අයවිය යුතු මුදල් ලෙස ඉක්මණට රජයට දෙතුන් ගුණයකින් නැවත ලැබේවි. රටේ අධිකරණ වල තිබෙන නඩු වලින් 60%ක් පමණ වසර 7 හෝ ඊට වැඩි කාලයක් ඇදෙනවා. සමහර නඩු වසර 20, මගේත් ඉඩම් නඩුවක් තිබෙනවා වසර 14 ඇදිලා, මට හිතෙන විදිහට ඒක ඉවර වෙන්න තව වසර 5 වත් යාවි. එහෙම ගිහිල්ලා කවුරු හරි පාර්ශව කාරයෙක් ඇපීල් කළොත් තව වසර 4 පමණ නැවත ගතවේවි..