
(සුජිත් හේවාජුලිගේ )
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ නම යෝජනා කර ඇතත් ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා අනතුරුව වෛද්‍ය සවීන් සේමගේ මහතා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට පත් කළේය.
සේමගේ මහතා යුද හමුදා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාවන අතර ඔහු එන්නත්කරණ වැඩසටහනද බාරව කටයුතු කළේය.
මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට වෛද්‍ය ඩී.එස් සමරසිංහ මහතා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.
ඔහු ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයේ කටයුතු කළේය.
ජනාධිපතිවරයා අංශ ගණනාවක ප්‍රධානීන් සමග දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු මෙම පත්කිරීම සිදුකර ඇති බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කෙහෙළිය දැන්වත් තේරන්න එපැයි. ඔතන ඔයාට පවරලා තියෙන්නේ ලොන්ඩරි වැඩ මිස ඉදිරියට යන්න බැහැ...
ජනාධිපතිවරයා අංශ ගණනාවක ප්‍රධානීන් සමග දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු මෙම පත්කිරීම් සිදුකර ඇත්නම් එය ඉතා සතුටුදායක ප්‍රවණතාවයකි. සතුටුයි…!
ඒකටත් ආමි. ගජමිතුරන්ට දීමී.
රටේ වැඩ ඔක්කෝම අවුල්වෙලා තියෙන්නෙ මන්තින්ගේ ප්‍රශ්නයක් නිසා වෙන්න බැරිද?
අහෝ, ඇමතින්ට ගිය කලක්..!
ගුරුතුමන්ට බැන්න නිසා ලොක්කා.., ‘‘මම පොරක්‘‘ කියලා හිතාගෙන ඇති දැන්... එහෙමද හිතන් උන්නේ...? දැන් දැක්කද? පොල්කුඩු තරම්වත් ගණන් ගන්නේ නැහැ කියලා... වෙලාව බලාගන්න ආවානම් එකේ වැඩකරගෙන ඉන්න නිකන් සවුත්තු වෙන්නේ නැතිව...