
(රෝෂන් තුෂාර)
ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවාගෙන ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු ඇමතිය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය සැකකරු ලබන 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කළාය.
මෙම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස කේහෙලිය රඹුක්කුවැල්ල මහතාගේ පුත් රමිත් රබුක්වැල්ල නම් කරන බවට අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රමිත් රඹුක්වැල්ලට හෙට දිනයේ දී අල්ලස් කොමිසම වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කළාය.
රමිත් රඹුක්වැල්ල අසනීප තත්වයේ පසුවන බැවින් අල්ලස් කොමිසමට වෙත ඉදිරිපත් නොවූ බව ඔහුගේ නීතිඥවරයා අද අධිකරණයට ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලගෙන යනකොට, නීතිය ක්‍රියාත්මක වෙනකොට, ඔක්කොම ලෙඩ්ඩු!
බීලා වැඩිවෙලා ගුවන් යානයේ දොර අරින්ඩ ගිහින් මහා ලොකු කලබගෑනියක් කරපු එකා. මහ එකා වගේම ඇතිනේ?
කරන කලට පව් මිහිරිය මීසේ ගෙවනකලට දුක් දැඩි වෙයි ගිනිසේ.
අනේ පව් තොත්ත බබාලා.. රට බංකොළොත් කරපු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඔක්කොම ටිකට පවුල් පිටින් නඩු දාන්න ඕනෑ.