
(සුජිත් හේවාජුලිගේ)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අැමති කෙහෙළිය රඹුක්වැල්ල සහ රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස පාවිච්චි කළ කොළඹ නිල නිවාස දෙක තවදුරටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට පාවිච්චි කිරීමට රජය අවසර දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව එම දෙදෙනාගේ පවුල්වල සාමාජිකයෝ ඒ නිල නිවාසවල තවමත් රැඳී සිටිති.
බාල බෙහෙත් ෙචා්දනා සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය පෙබරවාරි මාසයේ සිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් මරුමුවට පත්වූයේ පසුගිය ජනවාරි 25 වැනිදාය.
මේ අතර හිටපු අැමකිවරුන් පහකට ආසන්න පිරිසක් තවමත් අමාත්‍ය නිල නිවාසවල රැඳී සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම හිටපු විපක්ෂ නායක අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතා පාවිච්චි කළ කොළඹ 7 මහගමසේකර මාවතේ බී 12 නිල නිවෙස ඔහු මියගොස් මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් රජයට බාරදී නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවැසේ.
සම්පන්දන් මහතා විපක්ෂ නායකවරයා ලෙස සිටියදී ඔහුට ලබා දී තිබූ මෙම නිල නිවෙස ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා ලෙස සිටිනතාක් පාවිච්චි කිරීමට 2019 වර්ෂයේදී එවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නේය. ඒ අනුව ඔහුට මිය යනතුරුම එම නිල නිවෙසේ ජීවත්වීමට අවස්ථාව සැලසිණ.
සම්පන්දන් මහතා පාවිච්චි කළ මෙම නිල නිවෙස නැවත ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයට පසුගිය දා සිහි කැඳවීමක් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
කොළඹ හතේ අක්කර එක හමාරක පමණ භූමි භාගයක මෙම නිල නිවෙස පිහිටා ඇත. එහි නඩත්තු කටයුතු සඳහා බංගලා භාරකරුවකු, උද්‍යානකරුවන් දෙදෙනකු, අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනකු වශයෙන් සේවකයෝ පස් දෙනෙක් යොදවනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළිය - සනත් ඇමැති නිල නිවාස තවම බාරදී නෑ
Perera Wednesday, 14 August 2024 06:01 AM
මේ දේශපාලකයෝ සියලු දෙනාම එළවන්න කාලයක් ඇවිත් තියෙන්නේ
de silva Wednesday, 14 August 2024 08:07 AM
මොනවද මේ විකාර , මේවගේ ඉන්න කලකනින්ට ලැජ්ජාව කියල දෙයක් නැද්ද ? 225 ම එලවන්න ඕනේ කියල මිනිස්සු කියන්නේ මේ නිසා
ලසන්ත Wednesday, 14 August 2024 10:11 AM
මේගොල්ලෝ විශ්‍රාමගියත්, තනතුරු නැතිවුනත්, හිරේ ගියත්, මැරුනත්, සියලු දුක්නිවා නිවන් අවබෝධකලත්, මහජනතාවටනම් නිවනක් නෑ!
Rata Perata Wednesday, 14 August 2024 11:42 AM
මේ වගේ සුදු දේවල් වලට වත් විනයක් හදන්න බැරි රනිල් වගේ දුරුවල මනුස්සයෙක් යටතේ හදන්න පුළුවන් රටක් නැත.