(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අතිකාල වශයෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් කරගෙන යනු ලබන විමර්ශනවලට අනුවය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිය සහ දියණිය එම දූෂණ චෝදනාවට ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ඉකුත් දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෙහෙළිය, බිරිය සහ දියණිය අත්අඩංගුවට
කුකුල් චමින්ද Wednesday, 18 June 2025 02:32 PM
වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරේගේ ඉඳුල් කාලා, මෙතැන උදේ-හවස වැළලෙන ඩෝබිලා කව්රුත් නැද්ද මේ අපත පවුල සුද්ද-බුද්ද කරලා, සුදු හුණු ගාන්න...
ප්‍රියා Wednesday, 18 June 2025 02:43 PM
බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා... සතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
මහසෙන් Wednesday, 18 June 2025 03:37 PM
තව මේ වගේ කරපු අයට දැන් සුළු දිය පහවෙනවා ඇති රෙද්දේ. පෝසත් රටක් ලස්සන හෙටක් ප්‍රකාශයට ට අනුව වෙන්නේ මේ වැඩේ පමනයි හරියට.ඒකත් මදෑ.
අරවින්ද මොණරවිල Wednesday, 18 June 2025 03:41 PM
පවුලම එකතුවෙලා රට සූරාගෙන කාලා, තව ඉන්නවා ඔය පෝලීමට එකතු වෙන්න ! ඒ අතර රාජපක්ෂ පවුල සේනාරත්න පවුල වික්‍රමසිංහ පවුල ප්‍රමුඛයි.
Udrich Wednesday, 18 June 2025 04:47 PM
රාජපක්ෂ පවුල ඇතුලට දානකල් බලාගෙන ඉන්නේ.
Kamal Koyrala Wednesday, 18 June 2025 04:49 PM
පවුලේ තව අයත් ඉන්නවද? නුවර පැත්තේ හන්තාන ඉඩම් ලබාගත්ත අයත් තව ඉන්නවා නේ?
Pradeep Kumara Wednesday, 18 June 2025 04:54 PM
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වාලු. කුම්බලා මාළු කාපු තවත් බළල්ලු ඉන්නවා. බලමු ඉදිරියේ මොකද වෙන්නේ කියලා.