
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අතිකාල වශයෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් කරගෙන යනු ලබන විමර්ශනවලට අනුවය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිය සහ දියණිය එම දූෂණ චෝදනාවට ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ඉකුත් දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරේගේ ඉඳුල් කාලා, මෙතැන උදේ-හවස වැළලෙන ඩෝබිලා කව්රුත් නැද්ද මේ අපත පවුල සුද්ද-බුද්ද කරලා, සුදු හුණු ගාන්න...
බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා... සතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
තව මේ වගේ කරපු අයට දැන් සුළු දිය පහවෙනවා ඇති රෙද්දේ. පෝසත් රටක් ලස්සන හෙටක් ප්‍රකාශයට ට අනුව වෙන්නේ මේ වැඩේ පමනයි හරියට.ඒකත් මදෑ.
පවුලම එකතුවෙලා රට සූරාගෙන කාලා, තව ඉන්නවා ඔය පෝලීමට එකතු වෙන්න ! ඒ අතර රාජපක්ෂ පවුල සේනාරත්න පවුල වික්‍රමසිංහ පවුල ප්‍රමුඛයි.
රාජපක්ෂ පවුල ඇතුලට දානකල් බලාගෙන ඉන්නේ.
පවුලේ තව අයත් ඉන්නවද? නුවර පැත්තේ හන්තාන ඉඩම් ලබාගත්ත අයත් තව ඉන්නවා නේ?
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වාලු. කුම්බලා මාළු කාපු තවත් බළල්ලු ඉන්නවා. බලමු ඉදිරියේ මොකද වෙන්නේ කියලා.