
(රංජිත් පද්මසිරි)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වත්කම් පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේය.
ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බලනු ඇත.
ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ඉදිරි දින කීපයේදී ගනු ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ධනය උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ලබාදී ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු පැවැසුවේය. ඒ හේතුවෙන් රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බැලීමට තීරණය කළ බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍යවරයාගේ, ඔහුගේ බිරිඳගේ, දියණියන් තිදෙනාගෙ සහ බෑණාගේ ස්ථාවර තැන්පතු 16ක්, රක්ෂණ ඔප්පු තුනක් එළඹෙන ඔක්තෝබර් 4 වැනිදා දක්වා අත්හිටුවීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයත් නිකමට වගේ කියල බලන්න, සීඅයිඩී එක... මට ඉන්න දෙන්නේ නෑ අප්පා....ඔලුවත් රිදෙනවා වගේ කියලා....සමහරවිට මොකක් හරි හොඳ දෙයක් වෙන්න පුළුවන්....
කෙහෙලියට නම් ව්‍යාපාර හරි තබුණා කියලා කියන්න පුළුවන්.ඒ උනාට බලහන්කො චිචී බේබිලා ඉන්න විදිහ
නෑයො සේවකයින් පමණක් නොවෙයි ඉතාමත් හිතවතුන්ගේ ඒවා ගැනත් බලන්න දේපළ ගන්නවිට නෑයො සේවකයින්ට වඩා වෙනත් ප්‍රදේශවල හිතවතුන් නමින් ගන්න පුළුවන් කියලා හිතෙනවා
කෙහෙළිය විතරක් නෙමෙයි .රාජපක්ෂ කට්ටියගේත් ඔය වගේම පරීක්ෂා කාලානම් හොරා කාපු සල්ලි බුරුතු පිටින් හොයාගන්න පුළුවන්
කෙහෙලියගේ අනියම් බිරින්දෑවරුගේ ගිණුම් එහෙමත් 5-6ක් ඇති
මෙතුමාට දඩුවම් ලැබුනොත් ලංකාවේ නමවැනි පුදුමයට එකතු වෙනවා.
ඊළඟට රාජපක්ෂ නඩයේ සහ එයාලගේ කල්ලියේ කොහොමද සල්ලි උපයාගත්තේ කියලා බලන්න.